ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් එම ධුරයෙන් ඉවත්වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) සඳහන් කරයි.
මේ මස අවසානයේදී ලේකම් කැරොලයින් ලෙවිට් ධුරයෙන් ඉවත් වන අතර ඇය ඉදිරියේදී තමන්ගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති බව ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ජනපති ට්‍රම්ප් සඳහන් කරයි.
දරුවන් සමග වැඩි කාලයක් ගත කිරීමේ අරමුණින් ඇය එම තීරණය ගෙන ඇති බවත් තමන් ඊට ගරුකරන බවද ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ පණිවුඩයේ සඳහන් වේ.
29 හැවිරිදි කැරොලයින් ලෙවිට් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා බවට පත්වෙමින් අමෙරිකානු දේශපාලන ඉතිහාසයට එක්විය.
