ආරම්භ කළ යුද්ධය අවසන් කරන තෙක් එය නතර නොකරන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අද (19) විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කරයි.
ඉරාන යුද්ධයේදී මියගිය අමෙරිකානු සෙබළුන්ගේ දේහයන් එරටට රැගෙන ආ අවස්ථාවට තමන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.
මියගිය සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයන් තමන්ගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ආරම්භ කළ යුද්ධය අවසන් කරන තෙක් නතර නොකරන ලෙස බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.
“අනිවාර්යයෙන්ම අපි මෙය අවසන් කරනවා ඔවුන් කළ කැපකිරීමට අපි ගෞරව කරනවා,” යැයි අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.
ඉරානය සමඟ පවතින ගැටුම් ආරම්භ වූ දා සිට අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 90% කින් අඩුවී ඇති බවත් ඉරාන නාවික හමුදාවට අයත් යුද නැව් අවම වශයෙන් 120ක් පමණ විනාශ කිරීමට හෝ ගිල්වා දැමීමට අමෙරිකාව සමත්ව ඇති බවද සඳහන් කරයි.
ඉරානයේ මතුපිට නාවික බලය දැන් අවසන් වී ඇති බවත් ඔවුන්ගේ සබ්මැරීන් විනාශ වී ඇති බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.
ඉරාන රජය ගාසා තීරයේ හමාස් සංවිධානය මෙන් තම ධනය උමං මාර්ග, රොකට් සහ මිසයිල සඳහා වැය කර ඇති බවත් අමෙරිකානු හමුදාව ඉතා ක්‍රමවත්ව සහ දරුණු ලෙස ඒවා විනාශ කරමින් සිටින බවද සඳහන් කරයි.
අමෙරිකාව ඉරානය තුළ ඉලක්ක 7,000 කට වඩා වැඩි ප්‍රමාණයකට පහර දී ඇති බවත් අද දිනය තුළ ඉතිහාසයේ එල්ල කළ විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට එල්ල කරන බවද අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කරයි.
