අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඉරානය සමග සති දෙකක සටන් විරාමයකට එකඟවීමත් සමග තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇත.
ඒ අනුව ඉරානයට අවි සපයන ඕනෑම රටකට 50%ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අද (08) නිවේදනය කළේය.
ඉරානයට ආයුධ සපයන ඕනෑම රටක් වහාම බද්දට යටත් වන බවත් කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක් නොමැති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරයි.
සිය Truth සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මේ බව සඳහන් කරයි.

