ඉරානය සමඟ ඇති සටන් විරාමය තවදුරටත් දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙර මෙම ප්‍රකාශය නිකුත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, පසුව සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.
මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණ බව වාර්තා වේ.

