අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් විසින් අමෙරිකානු හමුදා වත්කම් සහ මධ්‍යස්ථාන වලින් ඈත්ව සිටින ලෙසට ඉරානයට අනතුරු අඟවා ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන “Project Freedom” මෙහෙයුම අතරතුර වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු හයක් ගිල්වා දැමූ බවද අද්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කරයි.
ඉරාන කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ බවත් මෙය ආරක්ෂක මෙහෙයුමක් වන අතර ඒ සඳහා බැලැස්ටික් විරෝධී මිසයිල නාශක නෞකා යොදවා ඇති බවද අද්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කරයි.
ගල්ෆ් මුහුදු සීමාවේ රටවල් 87කට අයත් නෞකා පවතින බවත් බියකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කරන ලෙසද අද්මිරාල් බ්‍රැඩ් කූපර් එම නෞකාවලින් ඉල්ලා සිටියි.


