පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා වලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට වසර 260 දක්වා සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පසුගිය (22) වනදා තීන්දු කළේය.
විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220ක්ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240ක් සහ එක් විත්තිකරුවෙකුට වසර 260 බැගින් බරපතළ සිරදඬුවම් නියම කර ඇත.
ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 200ක සිට වසර 260 දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරුණු රැඳවියන් 15 දෙනා සිරමැදිරි කිහිපයක වෙන් වෙන්ව රඳවා ඇති බව වාර්තා වේ.
තවද එම රැඳවියන් 15 දෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් නිරන්තර නිරීක්‍ෂණයට බුද්ධි අංශ කණ්ඩායම් යොදවා ඇති බවද වාර්තා වේ.
අධිකරණ තීන්දුව අනුව ඔවුන්ගේ දේපළ රාජ සන්තක කිරීමට නීතිපතිවරයාගේ උපදෙස් අනුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

