රාජ්‍ය මුදල් අවභාවිතය.. රනිල්ගේ නඩුව කැඳවයි

LIVE

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව අද දිනයේ කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියම කළේය.

2 Comments
Most Voted
Newest Oldest