විමල් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවයි

LIVE

හිටපු අමාත්‍ය විමල් වීරවංශ ලබන සිකුරදා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා ඇත.

පසුගිය (12) වැනිදා අනුරාධපුර පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමේදී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන්, කළ  ප්‍රකාශය මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇත්දැයි කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා එලෙස කැඳවා ඇත.

මේ සම්බන්ධයෙන් පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක එකට පොලිසිය කරුණු වාර්තා කළ අතර එහිදි එම ප්‍රකාශය ඇතුළත් සංස්කරණ නොකල දර්ශන අදාළ මාධ්‍ය නාලිකාවලින් ලබා ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.

මේ වනවිට එම දර්ශන ලබාගෙන ඇති අතර අධිකරණය විසින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් අනුව එම විමර්ශනය ක්‍රියාත්මකයි.

0 Comments
Most Voted
Newest Oldest