පර්යේෂණ, සංවර්ධන හා නවෝත්පාදන ආර්ථික පරිවර්තනයක් =
*රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය මඟින් සිදුකරන පර්යේෂණ හා සංවර්ධන කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම.
*ජාතික සංවර්ධන ඉලක්ක සහ ආර්ථික වර්ධනයට දායක වන අයුරින් පර්යේෂණ මෙහෙයවීම.
*දේශීය පර්යේෂකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ උසස් පර්යේෂණ සඳහා අනුග්‍රහය දැක්වීම.
*රටේ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීම.
*පර්යේෂණ මඟින් සොයාගන්න නව තාක්ෂණයන් වාණිජකරණය දක්වා ගෙනයමින් රටේ ආර්ථිකයට බද්ධ කිරීම.
*රසායනාගාර හා විශ්වවිද්‍යාල තුළ කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල සමාජයට සහ කර්මාන්ත ක්ෂේත්රයට ප්‍රයෝජනවත් වන නිෂ්පාදන හෝ සේවාවන් බවට පත් කිරීම.
උසස් අධ්‍යාපනයේ වෙනසක් =
*රුපියල් මිලියන 8,000 ක ආයෝජනයක් සහිතව පේරාදෙණිය සහ වයඹ විශ්ව විද්‍යාලවල අංග සම්පූර්ණ වෛද්‍ය පීඨය හා සායනික ගොඩනැඟිලි ඉදිකිරීමට 2027 වසර සඳහා රු. මිලියන 450ක්.
*විශ්වවිද්‍යාලයන්හි අපජල පිරිපහදු පද්ධති සංවර්ධනය කිරීම ඇතුළු සංවර්ධන වැඩ සටහන් වෙනුවෙන් රු. මිලියන 717ක් ඇතුළුව දැනට කෙරීගෙන යන ශිෂ්‍ය සුබසාධක වැඩ සඳහා රු. මිලියන 6,250ක්.
*බහු කාර්ය ගොඩනැඟිලි ඉදිකිරීම ඇතුළුව, අධ්‍යයන හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශ්වවිද්‍යාලවලට රු. මිලියන 2,250ක්.
*වව්නියා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීම වෙනුවෙන් රු. මිලියන 2,050ක නිල නිවාස ව්‍යාපෘතිය 2027 වර්ෂයේ දී ආරම්භ කිරීමට යෝජනා.
*දිට්වා සුළි කුණාටුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම්වලට සිදුවූ හානිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රු. මිලියන 6,150ක් ඇස්තමේන්තුවක්. 2027 වසරේ දී මෙය ඇතුළු දිට්වාවලින් හානි වූ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රු. මිලියන 700ක්.
අධිවේගී මාර්ග සහ මහා මාර්ග සංවර්ධනය =
*මහා මාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් රු. බිලියන 251ක් වෙන් කර ඇත.
*නව යෝජනා ලෙස රු. බිලියන 146ක් ද, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ හානිය ප්‍රතිසංස්කරණයට දිට්වා පරිපූරක ඇස්තමේන්තුවෙන් රු. බිලියන 90ක් ද ඇතුළත්ව රු. බිලියන 487ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ.
*මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වන අදියර වන කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ග කොටසේ පළමු පියවර ලෙස කුරුණෑගල සිට ගලේවෙල දක්වා ඉදිකිරීම සඳහා රු. මිලියන 30,000ක්.
*මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මිරිගම කොටස 2028 සැප්තැම්බර් වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 53,450ක්.
*මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටස 2029 ජූලි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින් 2027 වසර සඳහා රු. මිලියන 23,050ක්.
*මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර – රඹුක්කන කොටස 2027 මැයි වන විට වැඩ අවසන් කිරීම අරමුණු කරගනිමින්, 2027 වසර සඳහා රු. මිලියන 4,500ක්.
*කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 500ක් ද, පොතුහැර – ගලගෙදර අධිවේගී මාර්ගය ආශ්රිත සම්බන්ධක මාර්ග සංවර්ධනය සඳහා රු. මිලියන 5,000ක් ද හා කඩවත – මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගයන් සංවර්ධනය සඳහා රු. මිලියන 3,000ක්.
*රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුව සිටි ඉංගිරිය දක්වා සංවර්ධනය කිරීමට 2027 වසරේ රු. මිලියන 27,000ක්.
දුම්රිය විද්‍යුත්කරණය.. නව වෙනසක් =
*කැලණිවැලි – මරදාන සිට හෝමාගම දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 45,000ක්
*ප්‍රධාන දුම්රිය මාර්ගය – මරදාන සිට රාගම දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 16,400ක්
*ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණය කිරීම සඳහා රු. බිලියන 1,200කට අධික ආයෝජනයක් සිදුකිරීමට නියමිතයි. පළමු අදියර සඳහා 2027 වසර වෙනුවෙන්.
*ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් වෙනුවෙන් රු. මිලියන 900ක් ද ඇතුළුව රු. මිලියන 80,000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.
*වෙරළබඩ දුම්රිය මාර්ගය – මරදාන සිට පානදුර දක්වා විද්‍යුත්කරණයට රු. මිලියන 17,700ක්
