ජනතාවට ලබාදෙන දීමනා ඉහළ⁣ට

*දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩයන්ට අස්වැසුම ප්‍රතිලාභ තවදුරටත් ලබා දෙමින් 2027 වසරේ දී අස්වැසුම ඇතුළු සමාජ ආරක්ෂණ දීමනා සඳහා රුපියල් බිලියන 230ක් වෙන් කර තිබේ.

*වකුගඩු රෝගීන් සඳහා ලබා දෙනු ලබන මාසික දීමනාව රුපියල් 10,000 සිට 12,500 දක්වා රුපියල් 2,500කින් ඉහළට.

*ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා රුපියල් 2,500කින් ඉහළට.

*ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 25,000ක්.

*ආබාධ සහිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සහ ප්‍රවාහන පහසුකම් සැපයීමට රු. මිලියන 200ක්.

*තනි තනිව වගාවන් සිදුකිරීම වෙනුවට, සාමූහික “යාය” නිෂ්පාදන ප්‍රවේශයක් හඳුන්වා දීමට රුපියල් මිලියන 400ක්.

පොහොර සහනාධාර =

*රසායනික පොහොර හා කාබනික පොහොර ඒකාබද්ධ භාවිතය ප්‍රවර්ධනය කිරීම ඇතුළු ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණ පද්ධතියක් (IPNM) වෙනුවෙන් වසර 4 ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2027 වසර සඳහා ආරම්භයක් ලෙස රුපියල් මිලියන 47ක්.

*පොහොර සහනාධාරය වී වගාව සඳහා හෙක්ටයාරයක් වෙනුවෙන් රුපියල් 30,000ක් ලබාදීම. ඒ සඳහා රුපියල් මිලියන 44,000ක්.

සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම =

*සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 131ක් වෙන් කර තිබේ.

*තඹුත්තේගම මුලික රෝහලට නවීන පහසුකම් සහිත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300ක්.

*සෞඛ්‍ය සේවා තුළ අවුරුදු 20කට වඩා පැරැණි ගිලන් රථ 400ක් වන අතර එයින් 50% ක් පමණ ගිලන් රථ අවුරුදු 25කට වඩා පැරැණි ගිලන් රථ වේ.

*පැරණි ගිලන් රථ වෙනුවට නව ගිලන් රථ පද්ධතියට එක් කිරීම සඳහා 2027 වර්ෂයේ දී රුපියල් මිලියන 3,000ක්.

*පාසල් ළමුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel