සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අත්අඩංගුවට ගෙන ඇත.
2015 – 2019 සමයේ ඛනිජ තෙල් නීතීගත සංස්ථාවේදී සිදුවූ බව කියන සේවක අතිකාල දීමනා වංචාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එම සැකකරුගෙන් පැය හතකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් ඔහු හෙට (17) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
