එළඹෙන උත්සව සමයත් සමඟ මේ වනවිට වෙළෙඳපොළේ බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය සඳහන් කරයි.
මේ වන විට වෙළෙඳපොළ තුළ රුපියල් 42ත් 45ත් අතර මිලකට බිත්තර අලෙවි වන බවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ඉල්ලුම ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බව එම සංගමයේ ලේකම් අනුරසිරි මාරිසිංහ සඳහන් කරයි.
සංගමයේ ලේකම් අනුරසිරි මාරිසිංහ සඳහන් කළේ,
“අධික වර්ෂාව නිසා දේශගුණික තත්ත්වය වෙනස් වුණා. ඒකෙන් 80%ක් විතර නිෂ්පාදනය කළ සත්තු 50% – 60%ට අඩු වුණා. අනික පහුගිය ටිකේ සත්ත්ව නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු වගේ අමුද්‍රව්‍ය මිලත් ඉහළ ගියා.
ඒ නිසා නිෂ්පාදන වියදම වැඩිවෙලා. ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන උත්සව සමය නිසා බේකරි නිෂ්පාදනවල වැඩ පටන් ගෙන තියෙනවා. ඒ නිසා බේකරිවලටත් බිත්තර වැඩිපුර යනවා.
මේ නිසා තමයි බිත්තර මිල වැඩි වීමක් තියෙන්නේ. ඉල්ලුම හා සැපයුම නිසා මිල වැඩිවීමක් මිසක් කෘත්‍රීම මිල වැඩිවීමක් අපිට පේන්නේ නෑ.”
