ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයෙහි සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව න්‍යෂ්ටික සහ වෙනත් විකිරණශීලි ද්‍රව්‍ය, ඒ ආශ්රිත පහසුකම් සහ ඊට අදාළ ක්‍රියාකාරකම් සම්බන්ධව අනවසර හෝ සාපරාධී ක්‍රියා වැළැක්වීම, ඒවා හඳුනාගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතාව පිළිබඳ තන්ත්රයක් පවත්වා ගැනීමට කැප වී සිටියි.
ඒ අනුව, න්‍යෂ්ටික සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රතිපත්ති පෙළගැස්වීම, තර්ජන තක්සේරු කිරීම සහ මෙහෙයුම් සම්බන්ධීකරණය සඳහා වෙන් වූ ස්ථිර, මධ්‍යගත යාන්ත්‍රණයක් වශයෙන් ආරක්ෂක, නෛතික සහ අනෙකුත් අදාළ විෂයයන් භාර ආයතනවල සාමාජිකත්වයෙන් යුතුව ජාතික කමිටුවක් විධිමත් ලෙස ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
අදාළ කමිටුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ ස්ථාපනය කිරීමට යෝජනා කරනු ලැබ ඇති අතර, එහි ලේකම් වශයෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්යක්ෂ ජනරාල් කටයුතු කරනු ඇත.
ඒ අනුව, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ එකී ජාතික න්‍යෂ්ටික සුරක්ෂිතතා සම්බන්ධීකරණ කමිටුව පිහිටුවීම පිණිස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
