දුමින්දගේ රන් ආලේපිත ගිනි අවියේ නඩුව

නිවාස සංකීර්ණයකින් රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා ලබන ජනවාරි මස (29) වැනි දින කැඳවීමට නියම කර ඇත.

මෙම නඩුකරයට අදාළ පූර්ව විභාග සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසුව එය විභාගය සඳහා දින නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග අද (23) නියම කළේය.

තවද, එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කරන ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel