අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇළකින් හමුවෙයි.!

අද (24) දින කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා තිබු අලුත් උපන් බිලිදු මළ සිරුරක් හමුවු බව නොර්වුඩ් පොලිසිය සදහන් කරයි.

ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබි හමුවු බිලිදු මළ සිරුර පොලිතින් උරයක දමා පාවෙමින් තිබු බවත් අනතුරුව කම්කරුවන් විසින් නොර්වුඩ් පොලිසියට ඒ බව දැනුම්දී ඇත.

මව විසින් එම බිලින්දාගේ සිරුර ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවත් අනතුරුව මව සැගවී ඇති බවට නොර්වුඩ් පොලිසිය සැක පළ කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close