Local news

මහර බන්ධනාගාරයේ අලුත්ම තත්ත්වය.. ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි

මහර බන්ධනාගාරයේ අලුත්ම තත්ත්වය.. ඇඳිරිනීතිය ක්‍රියාත්මකයි

ඊයේ (01) පස්වරුවේ මහර බන්ධනාගාරයේ රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවයක් හටගත්තේය.

මෙම නොසන්සුන්තාව හේතුවෙන් රැඳවියන් 7 දෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්විය.

තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව, පොලීසිය සහ නාවික හමුදාව යෙදවීමටද පියවර ගත් අතර කෙසේ වෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

නොසන්සුන්තාවය නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාව විසින් බෙල් 412 දරන ගුවන් යානයක් සහ ඩ්‍රෝන යානායක් යෙදවීමටද පියවර ගත්තේය.

රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනිතබා ඇති බව වාර්තා වන අතර එක් ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරය තුළින් වෙඩි හඬට සමාන හඬ කිහිපයක් ඇසීමත් සමග රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පොලිස් මුර බාධක බිඳගෙන යාමට උත්සාහ කර ඇති අතර ඒ සමග ආරක්ෂක අංශ විසින් තත්ත්වය පාලනය කළේය.

එම අවස්ථාවේදී රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් සහ ප්‍රදේශවාසීන් විසින් ආරක්ෂක අංශ වෙත ගල් ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බව වාර්තා වේ.

මේ අතර පවතින තත්ත්වය තුළ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාගම පොලිස් බල ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කළේය.

ඒ අනුව එම ප්‍රදේශ සඳහා මේ වනවිටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇත.

මරණ දඬුවම නියමු වූ පූජිත වෙනුවෙන් තවත් උත්සාහයක්

මරණ දඬුවම නියමු වූ පූජිත වෙනුවෙන් තවත් උත්සාහයක්

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල සඳහන් කරයි.

මරණ දඬුවම නියම කෙරුණු දිනයේ සිට දින 28ක් ඇතුළත අදාළ අභියාචනය ගොනු කළ යුතු බැවින් කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගන්නා බවද නීතිඥ රොෂාන් දෙහිවල සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි සතියේදී හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කර බවද නීතිඥ රොෂාන් දෙහිවල සඳහන් කරයි.

හිටපු පොලිස්පතිවරයා හමුවීමට වැලිකඩ බන්ධනාගාරයට (01) ගිය අවස්ථාවේදී නීතිඥ රොෂාන් දෙහිවල මේ බව සඳහන් කරයි.

“මිස්ටර් කොත්තු” අවන්හල් සියල්ල වසා දමයි

“මිස්ටර් කොත්තු” අවන්හල් සියල්ල වසා දමයි

මිස්ටර් කොත්තු (Mr. Koththu) අවන්හල් ජාලය වසා දැමීමට තීරණය කර ඇති බව එහි හිමිකරු විරාජ් වික්‍රමනායක සඳහන් කරයි.

ඒ අනුව මිස්ටර් කොත්තු (Mr. Koththu) අවන්හල් ජාලය තවත් දින 14කින් සම්පූර්ණයෙන්ම නවතා දමන බව විරාජ් වික්‍රමනායක සඳහන් කරයි.

නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, මාලඹේ සහ පිළියන්දල යන ශාඛා පහ පමණක් විවෘතව පවතින අතර අවසන් වරට රස විඳීමට කැමති පාරිභෝගිකයන්ට එම ස්ථාන වෙත පැමිණිය හැකි බවද විරාජ් වික්‍රමනායක සඳහන් කරයි.

තවද කිරිබත්ගොඩ, කඩුවෙල සහ ගොඩගම යන ශාඛාවල පවතින උපකරණ සහ එම ස්ථාන නව ව්‍යාපාරිකයන් වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවද විරාජ් වික්‍රමනායක සඳහන් කරයි.

මහර බන්ධනාගාරයට කඳුළු ගෑස්.. යුද හමුදා සන්නද්ධ රථ ඇතුළට

මහර බන්ධනාගාරයට කඳුළු ගෑස්.. යුද හමුදා සන්නද්ධ රථ ඇතුළට

මහර බන්ධනාගාර පරිශ්‍රයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

බන්ධනාගාරයේ එක් කෙළවරකින් රැදවියන් පළායෑමේ අවධානමක් හේතුවෙන් එම ස්ථානයට නාවික හමුදා සහ යුද හමුදා භටපිරිස් රැසක් කැඳවා තිබුණේය.

එහිදී භටපිරිසට රැඳවියන් විසින් ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය පිටත සිට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර තුනක් එල්ල කර ඇත.

බන්ධනාගාරය තුළින් “වෙඩි හඬ” වැනි ශබ්ද ඇසුණු බව වාර්තා වන අතර සන්නද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම යුද්ධ හමුදාවට අයත් සන්නද්ධ වාහන තුනක් මේ වනවිට බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සාමාජිකයින් ද බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇති අතර බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති මහර බන්ධනාගාරයට

ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති මහර බන්ධනාගාරයට

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මේ වනවිට බන්ධනාගාරයට පැමිණ ඇත.

මේ වනවිට රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

මහර බන්ධනාගාරය අසලට යුද හමුදාව, නාවික හමුදාව, STF සහ පොලීසිය කැඳවා ඇත.

මහර බන්ධනාගාර ගැටුම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මහර බන්ධනාගාර ගැටුම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවත් බන්ධනාගාරයට අවශ්‍ය STF සහ පොලිස් සහාය ලබාදී තිබෙන බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

“මේ වෙලාවේ තත්ත්වය පාලනය කරමින් පවතිනවා. ඔබ දන්නා පරිදි එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. තව හය දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දැන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මේ වෙලාව වෙනකොට එතැනට මම සාකච්ඡා කර තිබෙනවා අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සමග.

එතැනට අවශ්‍ය STF, පොලිස් සියලුම සහාය දීලා තියෙනවා. ගිනි තැබීමක් වෙලා තියෙනවා. දැන් ඒකත් සමනයකට ගේනවා. ඇතුලේ තත්ත්වය සමනය කරමින් මේ මොහොතේ කට්ටිය කටයුතු කරනවා.”

මහර බන්ධනාගාර ගැටුම උණුසුම්.. රැදවියන් කිහිප දෙනෙකු මරුට.?

මහර බන්ධනාගාර ගැටුම උණුසුම්.. රැදවියන් කිහිප දෙනෙකු මරුට.?

මහර බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) සඳහන් කරයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ට වෙඩි තැබීම් සිදුකරන බවත්, එහිදී තුවාල ලැබූවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වන අනෙකුත් රැඳවියන්ව වැළැක්වීමට නිලධාරීන් කටයුතු කරන බවත් මෙම තත්ත්වය ඉතා බරපතළ මෙන්ම මානුෂීය වශයෙන් බියකරු වාතාවරණයක් බව එම සංවිධානය සඳහන් කරයි.

පවතින තත්ත්වය පාලනය කිරීම, රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම පරිශ්‍රයට ඇතුළු වීමට නීත්‍යානුකූල බලය පවතින බැවින්, කිසිදු ප්‍රමාදයකින් තොරව මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමක් මහර බන්ධනාගාරය වෙත පිටත් කර හරින ලෙස එම කමිටුව ඉල්ලා සිටියි.

වහාම ක්‍රියාත්මක වන පරිදි රාගමට ඇඳිරිනීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාගමට ඇඳිරිනීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය කටයුතු කර ඇත.

ඒ අනුව රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරයට අවට ග්‍රාමසේවා වසම් තුනක් සඳහා නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් පොලීසිය මෙම පියවර ගෙන ඇත.

මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට

මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට

අද (01) දින පස්වරුවේදී මහර බන්ධනාගරයේ ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් ඇත.

එම ගැටුමෙන් තුවාල ලැබූ හත් දෙනෙකු රාගම රෝහලට ඇති කිරීමට පියවර ගත් අතර ඉන් එක් රැඳවියෙකු මියගොස් ඇත.

මහර බන්ධනාගාරය නොසන්සුන්

මහර බන්ධනාගාරය නොසන්සුන්

මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට වාර්තා වේ.

මතුව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කරයි.