Local news

සියල්ල ජූලි 01ට කලින් ලියාපදිංචිය අනිවාර්යයි

සියල්ල ජූලි 01ට කලින් ලියාපදිංචිය අනිවාර්යයි

ඉදිරියේදී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

ඒ අනුව එළඹෙන ජූලි (01) දිනට පෙර දිවයිනේ සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළාය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මේ බව සඳහන් කළාය.

බන්ධනාගාර රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකයින් 3ක් අත්අඩංගුවට

බන්ධනාගාර රැඳවියාගේ මරණයට බන්ධනාගාර නියාමකයින් 3ක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු මියයාමේ සිද්ධියට අදාළව එම බන්ධනාගාරයේ නියාමකවරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බොරැල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කරයි.

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර එම රැඳවියා පලාගොස් තිබූ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන ඇත.

අනතුරුව එම රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

නාවලපිටිය කැටබුලාවේ සිට හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් නාවලපිටිය තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් පාසල් සිසුන් 13 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලීසිය මගින් සිදු කරයි.

බොරතෙල් මිල 6%කින් ඉහළට

බොරතෙල් මිල 6%කින් ඉහළට

ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකා වලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල 6%කින් පමණ ඉහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 6.79කින් හෙවත් 6.3%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 114.96ක් ලෙස සටහන් විය. 

අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බොරතෙල් මිල ඩොලර් 4.23කින් හෙවත් 4.2%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 106.17ක් දක්වා වැඩි වී ඇත.

පියා විසින් දියණියව ඝාතනය කරයි

පියා විසින් දියණියව ඝාතනය කරයි

කළුතර, බෝසිරිපුර ප්‍රදේශයේදී පියා විසින් යකඩ පොල්ලකින් පහරදී තම දියණිය ඝාතනය කර ඇත.

එම කාන්තාව හා ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පියා විසින් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඝාතනය සිදුකළ වයස අවුරුදු 63ක් වන සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් ඇති අතර කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා 

ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා 

ඉරානය විසින් අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති අමෙරිකානු නෞකා ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ප්‍රහාර එල්ල කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තමා ඉදිරියේ විකල්ප දෙකක් ඇති බවත් එනම් යහපත් විශ්වාසය මත පදනම් වූ ගිවිසුමකට එළඹීම හෝ යළිත් හමුදා මෙහෙයුම් ආරම්භ කිරීම බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

මේ අතර හෝමූස් සන්ධියේදී දෙපාර්ශ්වයම අතර ඇති වූ වෙඩි හුවමාරුවත් සමග මේ වනවිට සටන් විරාමය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

ඉන්දීය නළු විජේට සුපිරි ජයක්

ඉන්දීය නළු විජේට සුපිරි ජයක්

දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ TVK පක්ෂය 17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දැවැන්ත ජයක් ලබාගෙන ඇත.

දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ DMK සහ AIADMK පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මැතිවරණයේ දී DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව ඇත.

කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර TVK පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ. 

ඉරාන ප්‍රහාර හමුවේ ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

ඉරාන ප්‍රහාර හමුවේ ගුවන් ගමන් රැසක් අත්හිටුවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් රැසක් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෙම හදිසි ප්‍රහාර මාලාව හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී ඇති බවත් තවත් ගුවන් ගමන් කිහිපයක් වෙනත් ගමනාන්ත වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

කලාපය තුළ පවතින අනාරක්ෂිත තත්ත්වය සහ එරට ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය වීම හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස මෙලෙස ගුවන් ගමන් පාලනය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

කලාපීය ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතින බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අංශ දැඩි සෝදිසියෙන් පසුවන බවද වාර්තා වේ.

අමෙරිකාවෙන් ඉරානයට බරපතල අනතුරු ඇඟවීමක්

අමෙරිකාවෙන් ඉරානයට බරපතල අනතුරු ඇඟවීමක්

අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් විසින් අමෙරිකානු හමුදා වත්කම් සහ මධ්‍යස්ථාන වලින් ඈත්ව සිටින ලෙසට ඉරානයට අනතුරු අඟවා ඇත.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන “Project Freedom” මෙහෙයුම අතරතුර වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු හයක් ගිල්වා දැමූ බවද අද්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කරයි.

ඉරාන කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කළ බවත් මෙය ආරක්ෂක මෙහෙයුමක් වන අතර ඒ සඳහා බැලැස්ටික් විරෝධී මිසයිල නාශක නෞකා යොදවා ඇති බවද අද්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කරයි.

ගල්ෆ් මුහුදු සීමාවේ රටවල් 87කට අයත් නෞකා පවතින බවත් බියකින් තොරව හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කරන ලෙසද අද්මිරාල් බ්‍රැඩ් කූපර් එම නෞකාවලින් ඉල්ලා සිටියි.

අගමැති හරිනි සහ මාලදිවයින් ජනපති අතර හමුවක්

අගමැති හරිනි සහ මාලදිවයින් ජනපති අතර හමුවක්

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ හමුවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා – මාලදිවයින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව අවධානය යොමු කළ අතර උසස් අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය ඇතුළු අධ්‍යාපනයේ සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය.

තවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පවත්වා ඇත.