හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.
සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක ධුරයෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉවත් වී ඇත.
පුද්ගලික හේතුන් මත ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වන බව වෛද්‍ය චමල් සංජීව ලිපියක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
මීට අමතරව සමගි ජන බලවේගයේ සෞඛ්‍ය කමිටු, සිවිල් සංවිධාන කමිටු සහ දූෂණ විරෝධී කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වන බවද ඔහු සඳහන් කරයි.
2026 වසර අගදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත ගැන දැනුම්දීමක් කර ඇත.
ඒ අනුව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව අගරදරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ පවසයි.
කතෝලික සභා නීති අනුව අගරදගුරු වරයෙකුට වයස අවුරුදු 80ක් පිරෙන විට විශ්‍රාමය සම්බන්ධයෙන් සලකා බැලීම සිදු වුවද, එම තීරණය අවසානයේ ගනු ලබන්නේ පාප්වහන්සේ විසින් බවද ජූඩ් ක්‍රිසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේ පවසයි.
ඒ අනුව, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ලබන වසරේදී වයස අවුරුදු 80ක් පිරුණද, ඔහුගේ විශ්‍රාමය සම්බන්ධයෙන් කිසිදු නිල තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන් වේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව අද (24) දින කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම චෝදනාවලට සමගාමී තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බව සඳහන් කළේය.
නඩුව සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනුකිරීම සඳහා නියම වී ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා ඒ අනුව මෙම නඩුව සඳහාද සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට සිදුවනු ඇති බවද සඳහන් කළේය.
අනතුරුව එම කටයුතු වල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම නඩුව ජුනි මස (10) වනදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
අද (24) දින පස්වරු 1.00න් පමණ පසුව දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
ලෙබනන සහ ඊශ්‍රායල තානාපතිවරුන් අතර පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.
ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් සියයට 1.22කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 106.35ක් ලෙස සටහන්ව ඇත.
තවද WTI බොරතෙල් බැරලයක් සියයට 1.17කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල අමෙරිකානු ඩොලර් 96.97ක් ලෙස සටහන්ව ඇත.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල මිල ඩොලර් 105.95ක් දක්වා 2.74%කින් ඉහළ ගොස් ඇත.
ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගම රජයට හිඟ තබා, නොගෙවා පැහැර ඇතැයි කියන වැට් බදු මුදල් අතපසු කිරීමකින් තොරව වහාම ගෙවා නිම කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි, එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළේය.
2016 – 2017 වර්ෂවලට අදාළව ඩබ්ලිව්. එම් මෙන්ඩිස් සහ සමාගම නොගෙවා පැහැර හැර ඇතියි කියන රුපියල් මිලියන 996ක බදු මුදලක් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පැවරූ නඩුව (23) දින කැඳවිය.
එහිදී 2023 පෙබරවාරි මාසයේ සිට මාසිකව ගෙවන රුපියල් මිලියන 5 බැගින් වූ හිඟ බදු මුදල් සඳහා සහනයක් සලසන ලෙසට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
තම සේවාදායකයාගේ සමාගමේ මත්පැන් බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා මත්පැන් නිෂ්පාදනාගාර බැංකු මගින් වෙන්දේසි කිරීමට යොමු කර ඇති බැවින් හිඟ බදු මුදල් වාරිකය ගෙවීමට මූල්‍යමය දුෂ්කරතා පවතින බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය.
එහෙත් විත්තිකාර සමාගම මෙම බදු ගෙවීමට නියමිත කාලය ඉක්මවා ඇති බැවින් බදු මුදල් නිසි පරිදි ගෙවීමට කටයුතු කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අනතුරුව විමර්ශන ප්‍රගතිය මැයි මස (25) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
හයිට් රාජ්‍යයේ කල්ලි මර්දන බලකාය (Gang Suppression Force – GSF) සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයන් යෙදවීමට අදාළව දැනට පවතින අවබෝධතා ගිවිසුම් පිළිබඳ සාකච්ඡා වලට සම්බන්ධ වීමේ අරමුණින්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ මූලිකත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා දුත පිරිසක් පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡා මාලාවක් පවත්වන ලදී.
මෙම සංචාරය අතරතුර, ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, මෙහෙයුම් සහය පිළිබඳ එක්සත් ජාතීන්ගේ යටත් ලේකම් ජෙනරාල් Atul Khare සහ එහි මෙහෙයුම් සහාය දෙපාර්තමේන්තුවේ (DOS) සැපයුම් දාම කළමනා කරණ කාර්යාලය (OSCM) යටතේ පවතින සන්නද්ධ සේවා සහය අංශයේ (UCSD) අධ්‍යක්‍ෂ Michael Mulinge Kitivi යන මහත්වරුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයේ නියෝජිතයන් පිරිසක් ද හමු වූහ.
මෙහිදී මූලික වශයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත, කල්ලි මර්දන බලකාය යටතේ හයිට් රාජ්‍යය වෙත ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම් යෙදවීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවට ලක් කළ අතර, එහිදී මෙහෙයුම් සඳහා අවශ්‍ය පෙර සූදානම, එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල වීම සහ මානව හිමිකම් අවශ්‍යතා අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.
