Local news

කටාර් වෙරළට ආසන්නයේ තෙල් නැවකට ප්‍රහාරයක්

කටාර් වෙරළට ආසන්නයේ තෙල් නැවකට ප්‍රහාරයක්

ඩුබායි වෙරළ ආසන්නයේ තිබූ විශාල තෙල් නෞකාවකට පසුගියදා ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය.

මේ අතර කටාර් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ තෙල් නෞකාවකට හඳුනා නොගත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ එක් පැතිකඩකට හානි සිදුව ඇති නමුත් එහි සිටි සේවක පිරිසට කිසිදු අනතුරක් වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමක් වැනි කිසිදු පාරිසරික හානියක් සිදුව නොමැති බව එරට බලධාරීන් සඳහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන විභාග කල් යයි.? විශේෂ දැනුම්දීමක්

ඉදිරියේදී පැවැත්වෙන විභාග කල් යයි.? විශේෂ දැනුම්දීමක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සහ එම විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ දැනුම්දීමක් කරයි.

ඒ අනුව පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදී පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 2026 වසරේ විභාගයන් පැවැත්වෙන දින දැනුම් දුන් බවත් ඒ අනුව සිසුන් අදාළ දිනයන්ට අනුව සිය අධ්‍යයන කටයුතු සිදුකරන ලෙසද කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

යම් යම් හේතූන් මත විභාග පැවැත්වෙන කාලසීමාවන් වෙනස් වීම හේතුවෙන් පසුගිය කාලය පුරාම දරුවන් දැඩි අසීරුතාවයට පත්වූ බවත් එනිසා මේ වසරේ දැනුම්දෙන ලද දිනයන්හිදී විභාග පැවැත්වීමට අපේක්ෂා කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අප්‍රේල් (22) සහ (30) දක්වා පැවැත්වෙන බවත් මේ වනවිට පළමු අදියරේ ඇගයීම් කටයුතු අවසන් කර ඇති අතර අද (01) දිනයේ සිට දෙවැනි වටයේ ඇගයීම් කටයුතු ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

අප්‍රේල් මස (30) වන දින සිට තුන්වන අදියරේ ඇගයීම් කටයුතු සිදුකරන බවත් 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස (09) වන දිනත්, උසස් පෙළ අගෝස්තු (10) වන දිනත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස (08) වන දිනත් පැවැත්වීමට නියමිතව ඇත.

උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කොමසාරිස් ජනරාල්, ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මේ බව සඳහන් කළාය.

රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටෙයි

ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේ ගමන් කළ An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකුට දිවි අහිමි වී ඇත.

මෙම ගුවන් යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු ද මියගිය පිරිස අතර සිටී.

මොස්කව් වේලාවෙන් සවස 6.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් තහවුරු කර ඇත.

දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 300ක්

දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 300ක්

බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇත.

අද (01) දින උදෑසන අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සඳහන් කරයි.

සිය භාරයට ගත් අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ බවද නාවික හමුදාව සඳහන් කරයි.

ලාංකික බහුදින යාත්‍රාවක් වන මෙම ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 6දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණය නීතියට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කරයි.

ගාල්ල දුම්රිය ස්ථානයේ මැදිරි කිහිපයක හදිසි ගින්නක්

ගාල්ල දුම්රිය ස්ථානයේ මැදිරි කිහිපයක හදිසි ගින්නක්

ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ ගාල් කර තිබූ දුම්රිය මැදිරි කිහිපයක හදිසි ගින්නක් හටගෙන ඇත.

දුම්රිය ස්ථානය අසල භාවිතයෙන් ඉවත් කර පසෙක නවතා තිබූ මැදිරි පහකින් දෙකක් මෙම ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

මෙම හදිසි ගින්න හටගත් වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවීමේ හමුදාව එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ හානි සිදුව නොමැත.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව www.doenets.lk  හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 176,527ක් සුදුසුකම් ලබා ඇත.

පාසල් අයදුම්කරුවන් 146,405ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 30,122ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

09 ශ්‍රේණියේ සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පති අත්අඩංගුවට

09 ශ්‍රේණියේ සිසුවෙකු අපයෝජනය කළ විදුහල්පති අත්අඩංගුවට

අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ අකුරම්බොඩ ප්‍රදේශයේ පාසලක 50 හැව්රිදි විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු අදාළ විදුහල්පතිවරයා විසින් අපයෝජනය කළ බවට සිසුවාගේ පියා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කළ දැනුම් දීමකට අදාළව මහවෙල පොලීසියේ නිලධාරීන් විසින් (31) දින විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පාසල් දරුවා රෝහල් ගත කළ බවද පොලීසිය සඳහන් කරයි.

ඉරානයට එරෙහිව ට්‍රම්ප් සමග එකතු නොවන රටවලට යෝජනා දෙකක්

ඉරානයට එරෙහිව ට්‍රම්ප් සමග එකතු නොවන රටවලට යෝජනා දෙකක්

ඉරානයට එරෙහි යුදමය ක්‍රියාමාර්ග සඳහා එක්වීම ප්‍රතික්ෂේප කරන රටවල් ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය විවේචන එල්ල කර ඇත.

ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින, එහෙත් ඉරාන පාලනයට එරෙහි මෙහෙයුම්වලට සහාය නොදෙන බ්‍රිතාන්‍යය වැනි රටවල් වෙත උපහාසාත්මක යෝජනාවක් ඉදිරිපත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“මා සතුව ඔබට යෝජනා දෙකක් තිබෙනවා. පළමුවැන්න, අමෙකාවෙන් ඉන්ධන මිලදී ගන්න, අප සතුව ඕනෑ තරම් තිබෙනවා. දෙවැන්න, දැන්වත් ප්‍රමාද වී හෝ ධෛර්යය උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධියට ගොස් ඔබට අවශ්‍ය දේ බලහත්කාරයෙන් ලබාගන්න.”

මේ අතර සැපයුම් රැගත් අමෙරිකානු ගුවන් යානාවලට ප්‍රංශ ගුවන් සීමාව භාවිත කිරීමට අවසර නොදීම ඉතාම අහිතකර බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ලොව විශාලතම ජනගහනය ගණනය කරන්න මිලියන 3ක් සූදානම්

ලොව විශාලතම ජනගහනය ගණනය කරන්න මිලියන 3ක් සූදානම්

ලොව වැඩිම ජනගහනයක් සිටින ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීමේ දැවැන්ත කාර්යය සඳහා එරට නිලධාරීන් මිලියන 3කට අධික පිරිසක් වසරක කාලයක් පුරා මෙහෙයුම් දියත් කිරීමට සූදානම් වේ.

ඒ අනුව අප්‍රේල් (01) වනදා සිට ඉන්දියාවේ සෑම පුද්ගලයෙකුම ගණනය කිරීම ආරම්භ වන බවත් සංගණනය අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන බවද ඉන්දීය රජය නිවේදනය කරයි.

පළමු අදියර – අප්‍රේල් (01) වනදා සිට අන්තර්ජාලය හරහා ස්වයංව ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදීම.

දෙවන අදියර – නිවාස සහ නිවාසවල තත්ත්වයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම සඳහා නිලධාරීන් නිවසින් නිවසට යාම.

තෙවන අදියර – පුද්ගලයන්ගේ ආර්ථික සහ සමාජීය තොරතුරු මෙන්ම කුලය පිළිබඳ තොරතුරු රැස් කිරීම.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම සියලු දත්ත ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ වාර්තා කරන බැවින් ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට හැකි වනු ඇති බව සංගණන කොමසාරිස් මෘතුංජය කුමාර් නාරායන් සඳහන් කරයි.

“අහුවෙන්න එපා” ජනතාවට විශේෂ දැනුම්දීමක්

“අහුවෙන්න එපා” ජනතාවට විශේෂ දැනුම්දීමක්

තැපැල් දෙපාර්තමේන්තුව විසින් ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කර සිදුකරමින් පවතින වංචාවක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

එම දෙපාර්තමේන්තුවේ නිල අඩවිය සහ නාමය අවභාවිත කරමින් ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබා ගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල “Online Payment” ක්‍රමය හරහා බැංකු කාඩ්පත් භාවිතයෙන් ගෙවීමට පාරිභෝගිකයින් ඉලක්ක කරන Phishing Scam ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ පාරිභෝගිකයින් විසින් Payment Gateway හරහා තම බැකු කාඩ්පත් විස්තර ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කර ගැනීම මෙහිදී සිදුවනු ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අගතියට පත්වූ හා අදාළ කෙටි පණිවුඩ ලද මහජන පැමිණිලි බොහොමයක් ලැබී ඇති බවත් මෙම Phishing Scam පිළිබඳව මීට පෙර පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන් කරයි.

මහජනතාවට මෙම වංචාකාරී කෙටි පණිවිඩ සහිත සබැඳි (SMS Links) ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් නොහඳුනන Links මත Clicl නොකරන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ගලයින් හෝ වෙබ් අඩවි වෙත ලබා නොදෙන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.