Local news

හෙට සිට QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ගැන සංස්ථාවෙන් දැනුම්දීමක්

හෙට සිට QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ගැන සංස්ථාවෙන් දැනුම්දීමක්

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් මගින් මින් ඉදිරියට “QR” ක්‍රමය හරහා ඉන්ධන නිකුත් කිරීම ගැන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට පොලීසියේ මැදිහත්වීමෙන් ඉන්ධන පිරවුම්හල් මගින් “QR” ක්‍රමය යටතේ පමණක් ඉන්ධන ලබාදීම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

මේ වනවිට ඉන්ධන ඇනවුම් ලැබෙමින් පවතින බවත් ලබන මාසය අවසන් වෙනකම් ඒ සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවද සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

අද (15) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කළේ,

“අපේ ඇනවුම් ඒ විදියටම ලැබෙමින් පවතිනවා. ඒ නිසා ලබන මාසේ අවසන් වෙනකම් ඒ පිළිබඳ ගැටළුවක් නෑ. “QR” කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙනවා ගැටලුවක් තියෙන්න ඇති ජනතාවට.

ඒ නිසා පෝලින්වල ඉදලා ඉන්ධන ලබා ගත්තා. නමුත් දැන් ඉදලා පෝලින්වල ඉදලා තෙල් ගහගන්න ඕනේ වෙන්නේ නෑ. මොකද සාමාන්‍ය ලෙස තෙල් පරිභෝජනය කරන අයගේ මේ වනවිට තෙල් ප්‍රමාණය නිෂ්චිත කරලා ෂෙඩ්වල ඉතුරු කරලා තියෙනවා.

මොකද සතියකට අවශ්‍ය තෙල් කෝටාව තීන්දු කරලා තියෙනවා ඒ තෙල් ප්‍රමාණය ඕනෑම මොහොතක ගහගන්න පුළුවන්. ආපහු පෝලින්වල ඉදලා ගහගන්න ඕනේ නෑ.

අද උදේ ෂෙඩ්වල සහ වෙබ් අඩවිවල යම් තාක්ෂණික ගැටලු ටිකක් මතු වෙලා තිබුණා. මේ වනවිට ඒ සියල්ල සකසලා තියෙන්නේ. රටේ තියෙන සියලුම පිරවුම්හල්වලට “QR” කේත ක්‍රමය යටතේ ස්කෑන් කරලා තෙල් දෙන්න පුළුවන්.

ඒ නිසා රටේ කිසිදු කෙනෙකුට “QR’ ක්‍රමයෙන් පිට තෙල් ගසා ගැනීමට අවශ්‍යතාවක් නෑ. පෝලින්වල ඉන්න ඕනේ නෑ. ඒ සඳහා පොලීසිය මැදිහත් වෙවී. අනවශ්‍ය ලෙස පොලින්වල ඉදලා තෙල් ලබාගන්න අයට මින් ඉදිරියට ඒක ලැබෙන්නේ නෑ.

එමෙන්ම පිරුවුම්හල්වල අයටත්, “QR” එකෙන් කොච්චර ගිහින්ද, අපි ලබා දුන්න තොගය කෙච්චරක්ද ඒ දෙක අතර යම් වෙනසක් තියෙනවා නම් ඒකට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා. ඉස්සර වගේ නෙමෙයි බලපත්‍රය අහෝසි වෙන්න පුළුවන්.

මගී ප්‍රවාහන බස් රට වලටත් CTB එක හරහා දෙන්වා කලින් දුන්නා වගේ. කෙටි කාලයක් අතුළත ඒ අයට ගමන් මාර්ගය අනුව කොච්චර තෙල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවාද.? දවසකට කොච්චර දුවනවාද.? කියලා.

ඒ අනුව ආය “QR” කේතය වෙනස් කරලා ලබා දෙනවා. ධීවර සහ ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නිසි ආකාරව ලබාදීමට කටයුතු කරනවා.”

ගල්ෆ් කලාපයේ අමෙරිකානු බැංකු පොළවට සමතලා කරන්න ඉරානය සැරසෙයි

ගල්ෆ් කලාපයේ අමෙරිකානු බැංකු පොළවට සමතලා කරන්න ඉරානය සැරසෙයි

ඉරානයේ බැංකු යටිතල පහසුකම් ඉලක්ක කර අමෙරිකාව සහ ඊශ්‍රායල තවදුරටත් සිය ප්‍රහාර එල්ල කරන්නේ නම් ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකානු බැංකු ශාඛා වෙත සිදුකරන ප්‍රහාර තවදුරටත් පුළුල් කරන බව ඉරාන විප්ලවීය හමුදා ආරක්ෂක බලකාය අනතුරු අඟවයි.

පසුගිය සතියේ ඉරාන බැංකු ගොඩනැගිලි ආශ්‍රිතව එල්ල වූ ප්‍රහාර හමුවේ රට තුළ බැංකු මෙහෙයුම් අඩපණ වී තිබූ බවත් එම ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ අමෙරිකානු බැංකු පද්ධති ඉලක්ක කර ඉරානය ප්‍රහාර එල්ල කර ඇත.

එනිසා තවදුරටත් එවැනි ආකාරයේ වරදක් සිදුකිරීමට සතුරු පාර්ශවයන් කටයුතු කරන්නේ නම් ගල්ෆ් කලාපයේ රටවල පිහිටි සියලුම අමෙරිකානු බැංකු ශාඛා සිය නිත්‍යානුකූල ඉලක්කය වනු ඇති බවද ඉරාන විප්ලවීය හමුදා ආරක්ෂක බලකාය සඳහන් කරයි.

මෙවැනි අවස්ථාවක රට පාලනය කිරීමට සුදුසුම නායකයා රනිල්

මෙවැනි අවස්ථාවක රට පාලනය කිරීමට සුදුසුම නායකයා රනිල්

රටේ ජන්ද දායකයින්ගේ දැනුම බිංදුවට වැටි ඇති බවත් මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව පාලනය කළ යුතු නායකයින් මෙරට තුළ සිටියදී ජනතාව වෙනත් මාවත් තොරාගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

එහි පීඩනය ජනතාවට ඉදිරි මාස කිහිපය තුළ භුක්ති විඳීමට සිදුව ඇති බවත් මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාව වැනි රටක් පාලනය කිරීමට සුදුසු රාජ්‍ය නායකයා ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ නම් කළ හැකි බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.

එහෙත් මෙරට ජනතාව ඔහුට යෝජනා කර ඇත්තේ නිවසට වී සිටින ලෙසත් ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට සිදුවන ගැටලුවලදී ක්‍රියාකරනුයේ කෙසේද යන්න වග එකාබද්ධ විරුද්ධ පක්ෂයක් ලෙස තමා ඇතුලු කණ්ඩායම සංවිධානය වෙමින් සිටින බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.

ඊයේ (14) පැවති පාක්ෂික හමුවකින් පසුව පැවැත්වූ ප්‍රවෘත්ති සාක්ච්ඡාවක් අතරතුර වජිර අබේවර්ධන මේ බව සඳහන් කරයි.

හිටපු කථානායක අසෝක රන්වලට වරෙන්තු

හිටපු කථානායක අසෝක රන්වලට වරෙන්තු

හිටපු කථානායක, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වලට වරෙන්තු නිකුත් කිරීමට මහර මහේස්තාත් අධිකරණය පියවර ගෙන ඇත.

සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අසෝක රන්වලට වරෙන්තු නිකුත් කර ඇත.

මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විසින් මන්ත්‍රී අශෝක රන්වලට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර ඇත.

සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව

සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව

අද (15) සිට “QR” කේතය නැවත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

මහජනතාවගේ ඇතිවූ අනවශ්‍ය කලබලය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබයක් සහ දැඩි පෝලීමක් නිර්මාණය වී ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිස් නිලධාරීන් යෙදවීමට පොලීසිය පියවර ගත් බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කළේ,

“මේකට කළබල විමක් අවශ්‍ය වෙන්නේ නෑ. QR කේතය හඳුන්වා දුන්නාට පස්සේ තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඒ ඒ වාහන කාණ්ඩය අනුව ලබා දෙනවා. මහජනයා අනවශ්‍ය කලබල වීමක් පෙන්නුම් කරලා තියන නිසා තමයි ෂෙඩ්ලඟ මෙච්චර මිනිස්සු පිරිලා ඉන්නේ.

ඒක නිසා අපි පොලිස් ස්ථානාධිපතිවරුන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් ඒ අදාළ තැන්වලට අපි ආරක්ෂාව සඳහා දාලා තියෙනවා. මහජනයා කලබල නොවුණා නම් මේ ප්‍රශ්නය එන්නේ නෑ.”

තෙල් සංස්ථාවෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්

තෙල් සංස්ථාවෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්

අද (15) උදෑසන 6.00 සිට “QR” කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් මුලින්ම අවස්ථාව ලබාදී ඇත්තේ මීට පෙර “QR” කේතය ලබාගත් ඊට අදළ වාහනය සහ දුරකථන අංකය තමා ළඟ ඇති පිරිසට බව ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

තමාගේ වාහනයේ අයිතිය වෙනස් වී ඇත්නම්, දුරකථන අංකය වෙනස් කර ඇත්තම් හෝ මීට පෙර “QR” කේතය ලබා නොගත් වාහනයක් නම් අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය වෙත පිවිසීම හරහා “QR” කේතය ලබාගත හැකි වන බවද අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මේ වනවිට දිනයින පුරා ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් “QR” කේතය ක්‍රියාත්මක කළද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැති බවද එම සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවයක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධව මේ වනවිට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එය ඉතා සාර්ථක බවද අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ,

“පහුගිය දවස් තුන හතර ඇතුළත අපි දැක්කා බොහෝ දෙනා ඉන්ධන එකතු කරනවා ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තියලා තෙල් පෝලිම් ඇති කරනවා. ඒකෙන් භයානක තත්ත්වයක් උද්ගත වෙන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසයි QR කේතය භාවිතයට යොමු වුණේ. ඒ ඇරෙන්න තෙල්වල ප්‍රශ්නයක් නෑ.”

මේ අතර රට ගැන සිතා අනවශ්‍යය ලෙස ඉන්ධන පරෙභෝජනය සිදු කිරීමෙන් වළකින ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“සමස්ත ජනතාවගෙන් මේ වෙලාවේ රජයක් හැටියට ඉල්ලන ඉල්ලීම නමා නමන්ගේ පවුල ගැන විතරක් නෙමේ රට ගැනත් නිතන්න. ඒ නිසා ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සාධාරණීකරණය කරගන්න. ගෙදර තෙල් තියෙනවා කියලා හිතාගෙන දුවනවා වෙනුවට යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්න.”

පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ මෙහෙමයි

පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ මෙහෙමයි

අද (15) දිනයේ සිට පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරනු ලබන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

නිෂ්පාදන කාර්යන් හා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථවාහන සදහා අදාළ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බවද බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව බස්රථ සඳහා සතියකට ලබාගත හැකි ඉන්ධන ලීටර ප්‍රමාණය 60කි.

ඉන්ධන QR කේතයේ ගැටලු.? විශේෂ නිවේදනයක්

ඉන්ධන QR කේතයේ ගැටලු.? විශේෂ නිවේදනයක්

අද (15) දිනයේ සිට ඉන්ධන ලබා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් හඳුන්වාදී ඇති “QR” කේතය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාවරණය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මීට පෙර “QR” කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව “QR” කේතය යාවත්කාලීන කරගත හැකි බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතින බවද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතු වලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් අද (15) දින තීරණ ගෙන ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇති බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

විනෝදය සඳහා පහර දෙනවා.. ට්‍රම්ප්ගෙන් බරපතළ ප්‍රකාශයක්

විනෝදය සඳහා පහර දෙනවා.. ට්‍රම්ප්ගෙන් බරපතළ ප්‍රකාශයක්

ඉරාන තෙල් අපනයනය සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයක් වන කාර්ග් දූපත එක්සත් ජනපදය විසින් සම්පූර්ණයෙන් විනාශ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

“විනෝදය” සඳහා එක්සත් ජනපදයට තවත් කිහිප වතාවක් ඉරාන කාර්ග් දූපතට පහර දිය හැකි බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඒ අනුව ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සූදානම් නොමැති බවත් ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නමුත් කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන නිසා තමන් දැන් එය කිරීමට අකමැති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

එම කොන්දේසි මොනවාද යන්න පැවසීම ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා ඕනෑම න්‍යෂ්ටික අභිලාෂයක් අත්හැරීමට ඉරාන කැපවීමක් ගිවිසුමක කොටසක් වනු ඇතැයිද සඳහන් කර ඇත.

සියලුම වාහන සඳහා හිමිවන ඉන්ධන ප්‍රමාණය මෙන්න

සියලුම වාහන සඳහා හිමිවන ඉන්ධන ප්‍රමාණය මෙන්න

අද (15) දිනයේ සිට දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී ‘QR’ කේතය භාවිත කළ යුතුව ඇති බවත් ‘QR’ කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද උදෑසන 06.00 සිට ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවත් ‘QR’ කේතය හරහා සතියකට ඉන්ධන ලබාගත හැකි බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

සතියකට ඉන්ධන ලබාගත හැකි ලීටර ප්‍රමාණය පහතින් දැක්වෙයි..

බස් රථ – ලීටර් 60

මෝටර් සයිකල් – ලීටර් 05

වෑන් රථ – ලීටර් 40

මෝටර් රථ – ලීටර් 15

මෝටර් ලොරි – ලීටර් 200

ඉඩම් වාහන – ලීටර් 25

මෝටර් ත්‍රීරෝද රථ – ලීටර් 15

විශේෂ කාර්ය වාහන – ලීටර් 40

ක්වොඩ්‍රිසයිකල් – ලීටර් 5    

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරයි.