මානව ඉතිහාසයේ නව පරිච්ඡේදයක් – මිනිස් මොළයට “චිප්” එකක්.!

බිලියනපති “ඉලෝන් මස්ක්” ගේ නියුරාලින්ක් ආයතනය විසින් ලොව ප්‍රථම වරට සාර්ථක ලෙස මිනිස් මොළයට චිප් එකක් සවි කිරීමේ සැත්කමක් පසුගිය ජනවාරි මාසයේ සිදු කෙරුණි.

මෙම සැත්කමට යොදා ගැනුණු පුද්ගලයා කිමිදීමට යාමේදී සිදු වූ අනතුරකින් උරහිසට පහළ අංශභාග තත්ත්වයට පත්ව සිටි 29 හැවිරිදි අයෙක්. “චිප්” එක සම්බන්ධ කිරීමෙන් අනතුරුව ඔහුට ඔන්ලයින් චෙස් ක්‍රීඩාවේ නියැලීමට හැකිවී තිබේ

ඔහුට තම මනස භාවිත කරමින් පරිගණක යතුරු පුවරුවක් හා මූසිකයක් පාලනය කල හැකි බව පරියේෂණ මගින් අනාවරණය වී ඇත.

එලෝන් මස්ක් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කළේ චිප් එකක් මොළයට සවි කිරීමේ සැත්කම ඉතා සාර්ථක බවත් එය එතරම් අපහසු කාර්යක් නොවූ බවත්‍ ය.

සැත්කම සම්බන්ධව අදහස් දැක්වූ ඇමරිකානු සෞඛ්‍ය ආයතනයේ ස්නායු ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂ කිප් ලුඩ්විග් පැවසුවේ මෙය මානව ඉතිහාසයේ නව පිම්මක් බවත්, මෙය ආරම්භක මට්ටම පමණක් බවත්‍ ය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close