මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකුගේ මරණයෙන් පසු සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් වෛරස ආසාදිතයකු බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා ගම්පොල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු හුස්ම ගැනීමට අපහසුතාවයක් හා පෙනහළු ආසාදිත තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
දිගු කාලයකට පසු මෙම මරණය වාර්තා වී ඇති අතර රට තුළ මේ වනවිට ඔමික්‍රොන් JN වන් වෛරසය පැතිර යමින් පවතින බව සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර සදහන් කරයි.
කොවිඩි වෛරසයේ උප ප්‍රභේදයක් වන JN වන් කොරෝනා වෛරසය මේ වනවිට විදෙස් රටවල් රැසකින් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.