නොකළ වරදකට අවසන් ගමන් ගිය සද්ධන්ත ඇතා.!

අධි බලැති 33000 ධාරිතාවයකින් යුත් නීතිවිරෝධී විදුලි රැහැන් පද්ධතියක පැටලුන සද්ධන්ත ඇතකු මරණයට පත්ව ඇති බව පුත්තලම වනජීවි පාලන ඒකකය සදහන් කරයි.

ප්‍රධාන මාර්ගයෙ දිවෙන රිඝුව වයර් යොදා ඉන් පසුව අඩි දහසකට ආසන්න දුරකට බයිඩින් කම්බි වෙම්බුවැව වෙල්වාය මැදින් ඇදගෙන ගොස් කුඹුරු යායෙ කෙළවරක වල් ඌරන්ට එම විදුලි රැහැන අටවා තිබු බව වනජීවි නිළධාරීහු සදහන් කරයි.

වල් ඌරන්ට අටවා තිබු එම නීති විරෝධි විදුලි රැහැන ඇතාගෙ සොඩෙහි පැටලි ඇති බවත් ඒ සමගම ඇතා බිම පතිත වී විනාඩි ගනනාවක් දැඩි වේදනාවක් විදමින් මරණයට පත්වි ඇති බවද වනජීවි නිළධාරීහු සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close