උත්සව සමය වෙනුවෙන් රජය අලුත්ම තීරණයක් ගනී.!

මෙම උත්සව සමය වෙනුවෙන් රටේ මහජනතාවට අවහිරයක් නොවන ලෙස භාණ්ඩ අලෙවි කිරීම සඳහා රජය විසින් පදික වෙළෙඳුන්ට අවස්ථාවක් ලබා දුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පදික වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

ජනාධිපති කාර්යාලයේදී පැවති එම විශේෂ සාකච්ඡාවේදී එම පදික වෙළෙඳුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇති බවද සදහන් කරයි.

තවද මෙම උත්සව සමයේදී ජනතාවට බාධාවක් නොවන අයුරින් පදික වෙළෙඳුන්ට තම වෙළෙඳාම් කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close