අමෙරිකාවට සහ සහායකයින්ට වාසිදායක වන අනෙකුත් සියලුම අපනයන මාර්ග වසා දමන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරයි.
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ අමෙරිකාව විසින් ඉරාන වරායන් වෙත යළිත් නාවික අවහිරතා පැනවීමෙන් අනතුරුව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මෙම තීරණය ගෙන ඇත.
“කලාපීය බලශක්ති අපනයන අයිතිය එක්කෝ සැමටම හිමිවිය යුතුය. නැතහොත් සැමටම අහිමි විය යුතුය” යනුවෙන් ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA මඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර ලෝකයේ වැදගත් බලශක්ති සැපයුම් මාර්ග දෙකක් අවදානමට ලක් කරමින්, ඉරානය සිය සහායක යේමනයේ හූති සටන්කාමීන් ලවා රතු මුහුදට ඇතුළු වන බබ් අල්-මන්දෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය වසා දැමීමට සූදානම් වන බව විශ්ලේෂකයින් සඳහන් කරයි.
