ලෝකයම ආදරය කරන සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනී

ලෝකයම ආදරය කරන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

එංගලන්තය සමඟ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගී වන අතරතුර කේන් විලියම්සන් මෙම තීරණය ගෙන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තම රට වෙනුවෙන් කේන් විලියම්සන් ටෙස්ට් තරග 110කදී ලකුණු 9515ක් රැස්කරගෙන සිටියි. 

එක්දින තරග 175කට ක්‍රීඩා කර ඇති ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7256ක් වන අතර විස්සයි විස්ස තරග 93කදී ලකුණු 2575ක් කේන් විලියම්ස්න් විසින් රැස්කරගෙන ඇත. 

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest