ශ්‍රී ලංකාවේ කොඩිය යටතේ හිමිවු අලුත්ම අවසරය.!

දේශීය ආර්ථිකයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එන ප්‍රධාන මාර්ගයක් වන නෞකා ලියාපදිංචිය හා ඒ ආශ්‍රිතව සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් බිහි කිරීමට විභවයක් පවතින බව රජය සදහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ලංකාවේ ධජය යටතේ නෞකා ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීමට සුදුසුකම් සහිත දේශීය හා විදේශීය ආයතන වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා යෝජනා ලබා ගැනීමටත්, තාක්ෂණික ඇගැයීම් කමිටුවක් මගින් එම යෝජනා ඇගයීමට ලක්කර ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ මත යෝග්‍යතම ආයතන තෝරා ගැනීම සදහා අනුමැතිය හිමිව ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close