රැසියාවේ අගනුවරට බෝම්බ ප්‍රහාරයක්.. විශාල පිරිසක් මරුට.!

රුසියාවේ අගනුවර වන මොස්කව් නගරයට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් තවත් පුද්ගලයින් 100 දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මොස්කව් බටහිර මායිමේ ක්‍රොකස් සිටි හෝල් හි පැවති සංගීත ප්‍රසංගයක් තුළදී මිනිසුන් වෙත සැඟවුණු ඇඳුමින් සැරසුණු තුවක්කුකරුවන් පස් දෙනෙකු ස්වයංක්‍රීය ආයුධ වලින් වෙඩි තබා, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර ශාලාවේ දැවැන්ත ගින්නක් ඇති කිරීමට කටයුතු කර ඇත.

රොක් සංගීත කණ්ඩායමක ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටි පිරිසක් මෙම ප්‍රහාරයට මුහුණ දී ඇති අතර තුවක්කුකරුවන් ස්වයංක්‍රීය වෙඩි තබා අත්බෝම්බයක් හෝ ගිනි අවුලුවන බෝම්බයක් විසිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනාඩි 15ක් හෝ 20ක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර වලින් ආරක්ෂා වීමට ශාලාවේ සිටි ජනතාව බිම දිගාවී පිටතට බඩගා යාමට කටයුතු කර ඇති බවත් තුවාල ලැබූවන් විශාල පිරිසක් රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ ගොඩනැගිල්ලට ඉහළින් විශාල කළු දුමාරයක් නැගී එන බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close