කොළඹ බෝම්බ ප්‍රහාරය නවත්වන්න වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.!

මේ වනවිට රට තුළ කතාබහට ලක්වන කොළඹ ප්‍රධාන ස්ථාන හතකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ ISIS ත්‍රස්ත කණ්ඩායමේ සැලසුම සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (06) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරයි.

පාස්කු ප්‍රහාරය වැනි ත්‍රස්ත ප්‍රහාර සිදුවු නිසා මෙම ISIS ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලා සත්‍ය තොරතුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන ලෙසද විපක්ෂ නායකවරයා සදහන් කරයි.

අනතුරුව මේ පිළිබඳව රටම දැනුවත් කරන ලෙසත් එම ත්‍රස්ත මර්දනය සදහා නීතියෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසද සභාවේ කටයුතු ආරම්භයේදී විපක්ෂ නායකවරයා සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close