අද (18) දිනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) තුළ සමාජ මාධ්‍ය භාවිතය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 15ක් ලෙස නියම කිරීමේ යෝජනාවක් ක්‍රියාත්මක වන පරිදි සම්මත කර ඇත.
ඒ අනුව සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි පියවරක් හඳුන්වා දුන් පළමු අරාබි රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක්වෙයි.
නව නීතියට අනුව මින් ඉදිරියට එරට තුළ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කිරීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
තවද එම සමාජ මාධ්‍ය ජාලයන්හි ඇති විවිධ සමූහ (Groups) වෙත ප්‍රවේශ වීමද මෙමඟින් වළක්වා ඇති බව එරට මාධ්‍ය කාර්යාලය සඳහන් කරයි.
