ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිදීමක්

LIVE

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර හමුවක් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සහ එහි ඉදිරි ප්‍රවණතා පිළිබඳව මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා, ක්ෂේත්‍රය යළි ශක්තිමත් කරමින් එහි තිරසර වර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ශ්වකරුවන්ගේ අදහස් සහ යෝජනා ද විමසා සිටියේය.

වත්මන් ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී සිටින ප්‍රධාන අභියෝග සහ ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, එම ගැටලු සඳහා කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් ලබාදීම වෙනුවෙන් රජයට සිදුකළ හැකි මැදිහත්වීම් පිළිබඳවද අවධානය යොමු විය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයට සහ සංවර්ධන ක්‍රියාවලියට සෘජුව දායක වන බැවින්, එහි පවතින බාධා හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දෙමින් ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

0 Comments
Most Voted
Newest Oldest