ලාෆ් මිල වැඩි කිරීම හමුවේ ලිට්‍රෝ සමාගම ගත් තීරණය

ලාෆ් ගෑස් සමාගම විසින් (13) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කළේය.

රුපියල් 4,965ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 6,740කි.

රුපියල් 1,988ක් ලෙස පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,720කි

කෙසේ වෙතත් නොවැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,365කි.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,750කි.

ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815කි.

ඒ අනුව ඉදිරි උත්සව සමය වෙනුවෙන් ගෑස් තොග මේ වන විටත් වෙළෙඳපොලට නිකුත් කරමින් පවතින බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

මේ අතර ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් 90%ක් සපයන්නේ ලිට්‍රෝ සමාගමෙන් බවත් එම සමාගම මාසිකව ගෑස් සිලින්ඩර ලක්ෂ 20ක් පුරවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

වෙළෙඳපොළේ පවතින ඉල්ලුම සැලකිල්ලට ගෙන ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් (100,000) ඇණවුම් කර ඇති බවත්, ඉන් දෙසැම්බර් මස වනවිට 35,000ක් පැමිණීමට නියමිත බවද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel