ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ලෙස ජේ ෂා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාවේ බාලිහි පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර මෙම පත් කිරීම සිදුකර ඇත.
ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජේ ෂාගේ නායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙන්වා දී ඇත.
2028 වසරේ ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වීමත් සමඟ ක්‍රීඩාවට නව ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ නව ක්‍රීඩක පරපුරක් බිහිකිරීමට අවස්ථාව උදාවනු ඇති බවද එම කවුන්සිලය සඳහන් කරයි.
