වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow අද (22) දින ජනාධිපති කාර්යාලයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික සබඳතා මෙම සංචාරය තුළින් පිළිබිඹු වේ.

දෙරට අතර වෙළඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා, කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද මෙමඟින් නව අවස්ථා උදා වනු ඇත.

එමෙන්ම, දෙරට අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම් ගිවිසුමකට අත්සන් තැබීමද මෙහිදී සිදුවිය.

එය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel