ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මිලියන 96ක සැප පොල්ලක් තැබූ මහින්ද සහ ශිරන්ති

මහින්ද රාජපක්ෂ සිය ජනාධිපති ධූරයේ කටයුතු කරමින් සිටියදී සිදුකළ සංචාර කිහිපයක් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගෙවිය යුතු රුපියල් මිලියන 96.22ක (රුපියල් නවකෝටි දෙලක්ෂ විසිසක) මුදලක් මෙතෙක් ගෙවා නැතැයි අනාවරණය වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස්, සජින් වාස්, ෆීලික්ස් පෙරේරා ඇතුළු පිරිසක් ද ලලිත් වීරතුංග යන අයගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් පසුගිය 2014 වසරේදී සිදුකළ විදේශ සංචාර වලට මෙම මුදල් ගෙවීමට ඇත.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

පසුගිය 2014 වසරේදී ශිරන්ති රාජපක්ෂ, ජී.එල්.පීරිස්, සජින් වාස්වර්ධන, ලලිත් වීරතුංග ඇතුළු 59 දෙනකු මාලදිවයින හා සීෂෙල්ස් රට වලට ගොස් තිබෙන අතර ශ්‍රී ලංකන් එයාර් ලයින් සඳහා ජනාධිපති කාර්යාලයෙන් රුපියල් මිලියන 20.35ක් මේ වන විටත් ගෙවා නැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

2014 වසරේ ඔක්තෝබර් මාසයේ ශිරන්ති රාජපක්ෂ, ජී.එල්.පීරිස්, සජින් වාස් ගුණවර්ධන, ෆීලික්ස් පෙරේරා ඇතුළු 70 දෙනකු ඉතාලි සංචාරයකට ගොස් තිබෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 43.47ක් මේ වන තෙක් ගෙවා නැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

තවද, 2014 වසරේ නොවැම්බර් මාසයේදී 43 දෙනකුට නේපාලයට ගොස් රුපියල් මිලියන 28.8ක් සහ 2014 වසරේදී මහින්ද රාජපක්ෂ, යෝජිත රාජපක්ෂ ඇතුළු 57 දෙනකු රුපියල් මිලියන 3.6ක පාඩුවක් සිදුකර තිරුපති ගොස් ඇති බවද සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel