යෝෂිත සහ වසන්තට මොකද වෙන්නේ.?

හි⁣ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව අද (23) දින කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ චෝදනා විවෘත අධිකරණයේදී විත්තිකරුවන්ට කියවා දෙනු ලැබු අතර එම චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස (10) වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel