අද (23) දින රාත්‍රී 11.00 සිට හෙට (24) අලුයම 6.00 දක්වා නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය කර ඇත.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු ආරක්ෂිතව සිදු කිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය හරහා ද සියලු පාර්ශ්වයන් වෙත අවශ්‍ය දැනුම්දීම් සිදු කර ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
