Foreign news

ඉරානය හෝමූස් විවෘත කරයි

ඉරානය හෝමූස් විවෘත කරයි

ඉරානය විසින් සියලුම වාණිජ නෞකාවන්ට ගමන් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කර ඇත.

ලෙබනනයේ සටන් විරාමයට අනුකූලව මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

සටන් විරාම කාලය තුළ ඉරානය විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්බන්ධීකරණ මාර්ගයක් ඔස්සේ හෝමූස් හරහා සියලුම වාණිජ නෞකාවන්ට ගමන් කිරීමට අවස්ථාව උදාවේ.

යුද ගැටුම් අස්සේ චීනයේ එකඟතාව ට්‍රම්ප් කියයි

යුද ගැටුම් අස්සේ චීනයේ එකඟතාව ට්‍රම්ප් කියයි

ස්ථිර වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් චීනය සතුටින් සිටින බවත් තමන් ඔවුන් සහ ලෝකය වෙනුවෙන් මෙය සිදුකළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඒ අනුව ඉරානයට අවි අයුධ ලබා නොදීමට චීනය එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සෝෂල්හි සටහනක් තබමින් සඳහන් කරයි.

සති කිහිපයකින් තමන් සිදු කිරීමට නියමිත චීන සංචාරයේදී ජනාධිපති ෂී ජිංපින් විසින් ‘විශාල’ සහ ‘මහත’ වැළඳගැනීමක් ලබා දෙනු ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තමන් දෙපළ සටන් කිරීමට ඉතා දක්ෂයින් බවට මතක තබා ගන්නා ලෙසටත් අවශ්‍ය නම් අන් අයට වඩා එය හොඳින් කරන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

පාකිස්තාන හමුදා ප්‍රධානිය හදිසියේම ඉරානයට

පාකිස්තාන හමුදා ප්‍රධානිය හදිසියේම ඉරානයට

පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඇතුළු පිරිසක් අද (15) දින ඉරානයට ගොස් ඇත.

මැදපෙරදිග යුද්ධය සම්බන්ධව අමෙරිකාව සහ ඉරානය අතර බිඳ වැටුණු සාකච්ඡා යළි ආරම්භ කිරීමේ අරමුණින් හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉරානයට ගොස් ඇත.

මෙම සංචාරයේදී හමුදා ප්‍රධානියා ඇතුළු පිරිස ඉරාන බලධාරීන් සමඟ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වීමට සැලැසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය විසඳා ගැනීමට පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.

ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි

ඉරාන යුද්ධය අවසන් වීමට ආසන්නයි

ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය අවසන් වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

“මම හිතන්නේ එය බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අදියරටයි පැමිණ තිබෙන්නේ.”

ෆොක්ස් නිව්ස් (Fox News) නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

අමෙරිකා – ඉරාන දෙවන වටයේ සාකච්ඡා

අමෙරිකා – ඉරාන දෙවන වටයේ සාකච්ඡා

මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් වන දෙවන වටයේ සාකච්ඡා ඉදිරියේදී ඉස්ලාමභාද්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

මේ වනවිට ක්‍රියාත්මක සති දෙකක සටන් විරාම කාලය අවසන් වීමට පෙර මෙම සාකච්ඡා වටය ආරම්භ කරනු ඇති බව වාර්තා වේ.

එම දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අමෙරිකාව සහ ඉරානය අතර පසුගිය (11) පළමු වටයේ සාකච්ඡාවක් පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්වුණද එය එකඟතාවයකින් තොරව අවසන් විය.

ඊශ්‍රායල – ලෙබනන් සාකච්ඡා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණෙයි

ඊශ්‍රායල – ලෙබනන් සාකච්ඡා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් පැමිණෙයි

ලෙබනනය සහ ඊශ්‍රායලය තානාපතිවරුන් අතර වොෂින්ටනයේ පැවැත්වෙන හමුවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහභාගී වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.

ඊශ්‍රායලයේ යෙචියෙල් ලෙයිටර් සහ ලෙබනනයේ නාඩා හමාඩේ මොවාඩ් මෙලෙස රූබියෝ සමඟ සාකච්ඡා සඳහා එක්වීමට නියමිත අතර එරට වේලාවෙන් පෙරවරු 11:30ට ආරම්භ වීමට නියමිතය.

මෙම සාකච්ඡාවල විශේෂ අරමුණ වන්නේ දකුණු ලෙබනනයේ ගැටුම අවසන් කිරීම වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අවතැන් වී ඇති අතර පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් මියගොස් 6,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

හෝමූස් කලාපයට එන අමෙරිකානු නෞකා වලට පහර දෙනවා – ඉරානය

හෝමූස් කලාපයට එන අමෙරිකානු නෞකා වලට පහර දෙනවා – ඉරානය

හෝමූස් කලාපයට පැමිණෙන ඕනෑම අමෙරිකානු සන්නද්ධ නෞකාවකට පහර දෙන බවට ඉරානය අනතුරු අඟවයි.

අමෙරිකාව ඉරාන වරායන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, පර්සියානු ගල්ෆ් කලාපයේ හෝ ඕමාන මුහුදේ පවතින කිසිදු වරායක් ආරක්ෂිත නොවන බවද ඉරානය සඳහන් කරයි.

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම අරඹයි

අමෙරිකාව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම අරඹයි

අමෙරිකානු නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ආරම්භ කර ඇති බවත් ඒ අනුව නෞකා වලට ඉරාන වරායන් වෙත පිවසීම අවහිර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු නාවික හමුදාවේ අවහිර කිරීම් වෙත සමීප වුවහොත් ඉරාන ‘ප්‍රහාරක යාත්‍රා’ විනාශ කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

මේ අතර ඉරානය ආපහු අමෙරිකාව සමග සාකච්ඡාවට ආවත් නැතත් මට කමක් නැහැ යනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

‘අමෙරිකාවට අපි බය නෑ.. ගැහුවොත් ගහනවා’ ට්‍රම්ප්ට අභියෝගයක්

‘අමෙරිකාවට අපි බය නෑ.. ගැහුවොත් ගහනවා’ ට්‍රම්ප්ට අභියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාව “අල්ලා ගැනීමට” සහ ඔහු කරන තර්ජන ගැන තමාට “කිසිදු බියක්” නොමැති බව කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් සඳහන් කරයි.

තම රට අමෙරිකා ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට රජය සූදානම් බවත් ඒ වෙනුවෙන් තමන් මිය යාමට කැමැත්තෙන් සිටින බවද කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් සඳහන් කරයි.

කොන්දේසි නොමැතිව අමෙරිකාව සමඟ සංවාදයට විවෘත බවත් නමුත් වොෂින්ටනය ඉල්ලා සිටියහොත් ඉල්ලා අස්වන ලෙසට වන කිසිදු යෝජනාවක් ප්‍රතික්ෂේප කරන බවද කියුබානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

“එහෙම උනොත් සටන් ඇති වෙයි, අරගලයක් ඇති වෙයි, අපි අපිවම ආරක්ෂා කරගන්නවා, අපිට මැරෙන්න ඕන උනොත් අපි මැරෙයි, මොකද අපේ ජාතික ගීය කියන විදියට, නිජබිම වෙනුවෙන් මැරීම ජීවත් වීමටයි.”

කියුබානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ, අමෙරිකානු NBC රූපවාහිනි නාලිකාවේ පැවැත් වූ Meet the Press වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඉරාන සිසුන් සහ ගුරුවරුන් 345 දෙනෙකුට මරු කැඳවු ප්‍රහාර

ඉරාන සිසුන් සහ ගුරුවරුන් 345 දෙනෙකුට මරු කැඳවු ප්‍රහාර

ඉරානයට එල්ල කළ ප්‍රහාර වලින් සිසුන් සහ ගුරුවරුන් 345 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එම ප්‍රහාර වලින් සිසුන් 278 දෙනෙකු මියගොස් තවත් සිසුන් 196 දෙනෙකු සහ අධ්‍යාපන කාර්යය මණ්ඩල සාමාජිකයින් 26 දෙනෙකු තුවාල ලබා ඇත.

පසුගිය පෙබරවාරි (28) වනදා සිට ආරම්භ වු අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මෙම මරණ වාර්තා වන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශය තවදුරටත් සඳහන් කළේ, පාසල් 933 ක්, සංස්කෘතික මධ්‍යස්ථාන 17 ක් ක්‍රීඩා ශාලා 36 ක් සහ ශිෂ්‍ය කඳවුරු 08 ක් විනාශයට පත්ව ඇති බවයි.