Foreign news

ට්‍රම්ප්ගේ සුපිරි නිවසට ඇතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි.!

ට්‍රම්ප්ගේ සුපිරි නිවසට ඇතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ‘මාර්-අ-ලාගෝ’ (Mar-a-Lago) නිකේතනයේ අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙක්ට වෙඩි තබා ඇත.

එරට වෙලාවෙන් අලුයම 1:30ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බවත් අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ එම සන්නද්ධ පුද්ගලයා ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි ඔස්ටින් ටකර් මාර්ටින් ලෙස හඳුනාගෙන ඇති අතර එම සැකකරු විසින් සිය වාහනය ධාවනය කරමින් අධි ආරක්ෂිත කලාපයට තුළට ඇතුළු වීමට උත්සහා කර ඇත.

එම සැකකරු සතුව shotgun වර්ගයේ ගිනි අවියක් සහ ගෑස් කෑනයක් තිබී ඇති අතර අදාළ ගිනි අවියේ අසුරණය ඔහුගේ වාහනය තුළ තිබී සොයාගෙන ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීම වන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා Mar-a-Lago නිකේතනයේ රැඳී නොසිටි අතර ඔවුන් වොෂින්ටනයේ ධවල මන්දිරයේ සිට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ⁣ තීන්දුව පැත්තකට දමා ට්‍රම්ප් 10%ක නව බද්දක් පනවයි.!

ශ්‍රේෂ්ඨාධිකරණ⁣ තීන්දුව පැත්තකට දමා ට්‍රම්ප් 10%ක නව බද්දක් පනවයි.!

ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසුව ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව බද්ද පනවා ඇත.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විවේචනය කරන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව බද්ද ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ, එම තීන්දුව ‘දරුණු’ බවයි.

තවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් ‘මෝඩයන්’ ලෙස ඔහු අර්ථ දක්වා ඇත.

ට්‍රම්ප්ගේ තීරුබදු අහෝසි කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්.!

ට්‍රම්ප්ගේ තීරුබදු අහෝසි කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්.!

අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බවට තීන්දු කර ඇත.

අදාළ තීරුබදු පැනවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් වූ අතර මෙම අධිකරණ තීන්දුව ට්‍රම්ප් පාලන තන්ත්‍රය ලැබූ දරුණු පසුබෑමක් ලෙස සැලකෙයි.

හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.!

හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.!

දකුණු කොරියානු අධිකරණය විසින් කැරැල්ලක් සැලසුම් කිරීමේ වරදට හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් හිටපු ජනාධිපතිවරයාට මෙම දඬුවම නියම කර ඇත.

ලොව පුරා බිඳවැටුණු YouTube.!

ලොව පුරා බිඳවැටුණු YouTube.!

ලොව පුරා පරිශීලකයින් ලක්ශ ගණනකට “YouTube” බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව ඇතුළු කලාප පුරා ලක්ෂ ගණනක් පරිශීලකයින්ගේ “YouTube” බිඳ වැටී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ලොව පුරා බිඳවැටුණු “YouTube” ක්‍රමයෙන් යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව වාර්තා වේ.

මගී ගුවන් යානයක් වෙරළ තීරයට කඩා වැටෙයි.!

මගී ගුවන් යානයක් වෙරළ තීරයට කඩා වැටෙයි.!

මොගඩිෂු සිට ගුවන් ගත වීමෙන් ටික වේලාවකට පසුව ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා වැටී ඇත.

ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සෝමාලියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් යානය යළි ගොඩබස්වන ලෙසට උපදෙස් ලබාදී ඇත.

කෙසේ වෙතත් නියමුවාගේ දක්ෂතාවය හේතුවෙන් මඟීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇති අතර එම යානයේ සිටි මගීන් 55 දෙනෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජීවිතය සහ මරණය තීරණය කරන මුහුදේ අයිස් මාර්ගය.. සීට් බෙල්ට් දැමීම තහනම්.!

ජීවිතය සහ මරණය තීරණය කරන මුහුදේ අයිස් මාර්ගය.. සීට් බෙල්ට් දැමීම තහනම්.!

මෙම වසරේ දැනට පවතින දැඩි ශීත දේශගුණයත් සමග එස්තෝනියාවේ (Estonia) ප්‍රධාන භූමිය සහ දූපත් යා කරන “අයිස් මාර්ග” (Ice Roads) මේ වනවිට විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මෙම අයිස් මාර්ගයේ ගමන් කිරීම සාමාන්‍ය රියදුරෙකුට මෙන්ම පළපුරුදු රියදුරෙකුට වුවද දැඩි අභියෝගයක් වන අතර ඒ සඳහා වෙන්වූ අමුතුම වර්ගයේ නීති මාලාවක් පවතියි.

දැඩි ශීත දේශගුණයත් සමග බෝල්ටික් මුහුදේ ජලය දැඩි ලෙස මිදී ඝන අයිස් තට්ටුවක් බවට පත්ව ඇති අතර එම අයිස් තට්ටුවේ ඝනකම සෙන්ටිමීටර 20 (අඟල් 8) ඉක්මවා ගිය විට, රජය විසින් වාහන ගමනාගමනය සඳහා සුදුසු මාර්ග ලෙස ප්‍රකාශයට පත් කරයි.

මෙම මාර්ග පද්ධතියේ ගමන් කිරීමේදී රියදුරන්ගේ ජීවිතය සහ මරණය තීරණය කරන අමුතුම මාර්ග නීති මාලාව පහතින්..

*ආසන පටි (Seat Belts) පැළඳීම තහනම්.

*අන්තරාදායක වේග සීමාව (25-40 km/h තහනම)

*වාහන දෙකක් අතර අවම වශයෙන් මීටර් 250ක පරතරයක් තබාගැනීම.

*අයිස් පාර මැද වාහනය නතර කිරීම තහනම්.

*ටොන් 2.5ට වඩා වැඩි බර වාහන ගමන් කිරීම තහනම්.

අයිස් මාර්ග විවෘත වන්නේ හිරු එළිය ඇති දිවා කාලයේදී පමණක් වන අතර මීදුම හෝ හිම කුණාටු පවතින අවස්ථාවල මෙම මාර්ග වසා තැබේ.

බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට.!

බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකින් හත් දෙනෙකු ජීවිතක්ෂයට.!

විදෙස් මාධ්‍ය පවසන්නේ කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමකින් හත් දෙනෙකු පමණ මියගොස් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ පිරිස් මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් රැසක් සිට ඇති අතර, සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ විසින් පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන් වටලා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්ත කරයි.

ආරක්ෂක අංශ විසින් සිදුකල වෙඩිතැබීමෙන් වෙඩික්කරුද මියගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

නේපාලය හමුවේ එංගලන්තය යාන්තමින් ජාමේ බේරා ගනී.!

නේපාලය හමුවේ එංගලන්තය යාන්තමින් ජාමේ බේරා ගනී.!

අද (8) මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘C’ කාණ්ඩය යටතේ නේපාලයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්තය හා නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හමුවූ පළමු අවස්ථාව මෙයවිය.

මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තයෙන් ලකුණු 185ක් ලබාගත් අතර එම ඉලක්කයකට පිළිතුරු ලෙස නේපාලය පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස්කළේය.

නේපාල ඉනිම ඔසවා තැබූ දිමෙන්ද්‍ර සිං පන්දු 29කින් ලකුණු 44ක් රැස්කළ අතර, ලෝකේෂ් බාම් ලකුණු 39(20)ක් හා නායක රෝහිට් පවුඩෙල් ලකුණු 39(34) රැස්කරමින් දක්ෂතා දැක්වූහ.

අවසන් පන්දුවාරයේදී නේපාලයට ලකුණු 10ක ඉලක්කයක් හිමිවුවද, ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 5ක් පමණි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 185ක් රැස්කිරීමට සමත් විය.

අමතර තීරුබදු පනවමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් කරයි.!

අමතර තීරුබදු පනවමින් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් කරයි.!

ඉරානය සමග වෙළෙඳාම් සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇත.

අමෙරිකාව සඳහන් කළේ, ඉරානයෙන් සෘජුව හෝ වක්‍රව භාණ්ඩ හෝ සේවා මිලදී ගන්නා, ආනයනය කරන හෝ වෙනත් ආකාරයකින් ලබාගෙන අමෙරිකාවට භාණ්ඩ අපනයනය කරන ඕනෑම රටක් මෙම නියෝගයට ඇතුළත් බවයි.

මෙම නියෝගය පැනවිය හැකි අනුපාත නිශ්චිතව දක්වා නොමැති අතර එය 25% පමණ අගයක් විය හැකි බව වාර්තා වේ.