Local news

නව වාර්තාවක් සමඟින් ආයෝජකයින්ට දොරටු විවර කළ අති සුඛෝපභෝගී “Prime Marina”

නව වාර්තාවක් සමඟින් ආයෝජකයින්ට දොරටු විවර කළ අති සුඛෝපභෝගී “Prime Marina”

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර රාත්‍රියක් පසුගියදා නිමාවට පත් වුණා.

ඒ, Prime Group සහ මෙල්වා සමාගම එක්ව දියත් කරන ශ්‍රී ලංකාවේ අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන “Prime Marina” දියත් කිරීමත් සමඟයි.

ශ්‍රී ලංකාවේ නව මූල්‍ය හා ව්‍යාපාරික හදවත වන Port City, Colombo හි, මනරම් සාගර තීරයට සහ යාත්‍රාංගනයට සෘජුවම මුහුණලා ඇති භූමියේ මෙම සුවිශේෂී උත්සවය පැවැත්වුණා.

එදින රාත්‍රියේ මුළු කොළඹ අහසම ආලෝකමත් වූයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඉදිරිපත් කෙරුණු අති දැවැන්ත 3D Animated Drone සංදර්ශනයෙන්.

කොළඹ නගරයටම ඉතා පැහැදිලිව දර්ශනය වන පරිදි ඩ්‍රෝන යානා සිය ගණනක් අහසේ විවිධ රටා මවද්දී, ඊට සමගාමීව නෙළුම් කුලුන “Prime Marina” සන්නාම වර්ණවලින් හැඩ වී තිබුණා.

එමෙන්ම මනස්කාන්ත ගිනිකෙළි සංදර්ශනයකින්ද Port City, Colombo ආලෝකමත් වුණා.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා මෙරට මෙන්ම විදේශීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්, ආයෝජකයින් සහ සුවිශේෂී ආරාධිත අමුත්තන් 1,500කට අධික පිරිසක් සහභාගී වී සිටියා.

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව විකුණුම් වාර්තාවක් ද සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතියේ නිවාස ඒකක 400කට වඩා මේ වනවිටත් විකිණී අවසන්.

ගෝලීය මට්ටමේ උසස්ම ප්‍රමිතියෙන් ඉදිවන “Prime Marina” වෙත ආයෝජනය කිරීම, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා අනාගතයට තැබිය හැකි හොඳම ආයෝජනයක් වනු නොඅනුමානයි.

ඉරානය හෝමුස් විවෘත කරයිද.?

ඉරානය හෝමුස් විවෘත කරයිද.?

ඉරානය සහ අමෙරිකාව අතර සටන් අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීම අවසන් අදියරට පැමිණ ඇති බැවින් එහි කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.

ඉරානයට එරෙහිව පනවා ඇති අමෙරිකානු අවහිර කිරීම් ඉවත් කිරීම මෙම ගිවිසුමට ඇතුළත් වන අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පසුව ආරම්භ කිරීමට නියමිත බවද විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.

රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ බව සඳහන් කරයි.

එහෙත්, ගිවිසුමේ ඇතැම් කරුණු අමෙරිකානු නිලධාරීන් විසින් තහවුරු කර ඇති අතර ඉරානයට ලබාදෙන ආර්ථික සහන එරට ගිවිසුම්ගත බැඳීම් ඉටුකිරීම මත රඳා පවතින බවද ඔවුන් පෙන්වා දී ඇත.

Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි

Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි

නවතම තාක්ෂණය, අභ්‍යවකාශ සහ විද්‍යුත් වාහන ක්ෂේත්‍රවල දැවැන්තයෙක් වන ප්‍රකට ව්‍යාපාරික Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සුප්‍රසිද්ධ “SpaceX” සමාගම කොටස් වෙළෙඳපොළට ඇතුළත් කිරීමත් සමග එහි කොටස් අමෙරිකානු ඩොලර් 150 කින් ආරම්භ වී ඉතා ඉක්මනින් අමෙරිකානු ඩොලර් 160 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම සමාගම සිය IPO හි අමෙරිකානු ඩොලර් බිලියන 75ක් රැස් කරමින් නව වාර්තාවක් තබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම සමාගම ඔහු සතු කොටස්වල වටිනාකම ඇතුළු ඔහුගේ වත්කම් ඉහළ යාමත් සමඟ, ඔහුගේ සමස්ත වත්කම් වටිනාකම අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ඉක්මවනු ඇතැයි ගණනය කර ඇත.

අමෙරිකානු USS කැන්බරා නෞකාව කොළඹ වරායට ආවේ ඇයි.?

අමෙරිකානු USS කැන්බරා නෞකාව කොළඹ වරායට ආවේ ඇයි.?

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන  USS කැන්බරා නෞකාව අද (12) කොළඹ වරායට පැමිණ ඇත.

කමාන්ඩර් ජේම්ස් මික්ලොෆ්ලින්ගේ අණදීම යටතේ USS කැන්බරා නෞකාව ඉන්ධන සහ සැපයුම් රැගෙන යාමට කෙටි නැවතුමක් සඳහා කොළඹ වරායට පැමිණ ඇත.

මෙරටට පැමිණි සිව් වන එක්සත් ජනපද නාවික හමුදා ලිටොරල් කම්බැට් නෞකාව මෙය වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේය. 

කොළඹ වරායට පැමිණි එක්සත් ජනපද නාවික මිතුරන් ශ්‍රී ලංකා පාර්ශවය උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර නෞකාවේ නාවිකයින්ට සහ කාර්ය මණ්ඩලයට සිය හෘදයාංගම සුබ පැතුම් ද පළ කර ඇත.

මෙම වරාය සංචාරය, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම අපගේ ද්විපාර්ශ්වික සබඳතාවයේ ලක්ෂණයක් වන සමීප සහයෝගීතාවය පෙන්නුම් කරයි.

දැරිය අපයෝජන සිද්ධියේ පල්ලේගම හිමිට අධිකරණයෙන් නියෝගයක්

දැරිය අපයෝජන සිද්ධියේ පල්ලේගම හිමිට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ DNA පරීක්ෂණයක් සඳහා ලබන (16) දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (12) නියෝග කළේය.

නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න විසින් මෙම නියෝගය කළේය.

තවද හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේය.

අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි (04) වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව එහිදී නිට්ටඹුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බවත් දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

එනිසා අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බැවින් රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙසට පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමග සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ගැළපේද යන්න අනාවරණය කර ගැනීම සඳහා සිදුකෙරෙන DNA පරීක්ෂණයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ලබන (16) වන දින රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ලබාදෙන ලෙසට සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට නියෝග කළේය.

ගම්පහ ඔස්මන්ඩ්ගේ නිවසින් හමුවු ලේඛන මොනවාද.?

ගම්පහ ඔස්මන්ඩ්ගේ නිවසින් හමුවු ලේඛන මොනවාද.?

සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය අද (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (12) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 

සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තාගේ නිවස හා භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත් ඒ අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ රතු නිවේදනය තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ගණේමුල්ල සංජීව නමැත්තාට පෙර තිබූ නඩු, දැනට පවතින නඩුවල විස්තර සහ ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් මෙන්ම දුරකථන අංක සම්බන්ධයෙන් ලේඛනයක් ඒ අතර තිබී හමුවූ බවත් මේ තුළින් ගණේමුල්ල සංජීව නමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම සැකකරු අවදියෙන් සිට ඇති බව පැහැදිලි වන බවද පොලීසිය සඳහන් කරයි.

තවද එම සැකකරුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනි අවියක් හමුවූ බවත් ඒවා පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවද පොලීසිය සඳහන් කරයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවදුරටත් දින 30 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවද පොලිසිය සඳහන් කරයි.

මේ අතර මීළඟ නඩු දිනයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්නට ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඉන්තරුව මෙම පැමිණල්ල ලබන (26) වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව අධිචෝදනා ගොනු කරයි

දුෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.

2014 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ගොවීන්ට සහනදායී මිලකට බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 25ක වියදමින් බීජ බඩ ඉරිඟු තොගයක් ආනයනය කර තිබූ නමුත්, 2015 ජනාධිපතිවරණ සමයේදී තමන්ට වාසි සහගත දේශපාලන පසුබිමක් සකසා ගැනීමට, හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අනිසි බලපෑම් එල්ල කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණේය.

ඒ අනුව ගොවි ජනතාවට සහන මිලට ලබාදීම සඳහා රජය ගෙනා බීජ බඩඉරිඟු තොගයක් අවභාවිත කරමින්, රුපියල් මිලියන 25ක මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනට එරෙහි නඩුව එළඹෙන අගෝස්තු මස (28) වනදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (12) නියෝග කළේය.

එදිනට මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දුන්නා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පූජිත්ගේ නඩුවේ තීන්දුවට දින නියම කරයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පූජිත්ගේ නඩුවේ තීන්දුවට දින නියම කරයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුව ගොනුකර ඇත.

අදාළ නඩුව අද (12) දින ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩරගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ තීන්දුව ජුලි මස (31) වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ස්ථිර පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.

එම නඩුවේ වාචික හා ලිඛිත දේශන මේ වන විට පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර අවසන් කර ඇත.

වරුණ ජයසුන්දර මෙම අවස්තාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ

වරුණ ජයසුන්දර මෙම අවස්තාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා ගැනීමට මෙම අවස්ථාවේ තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අද (12) අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.

එම රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම දැනුම්දීම සිදු කළාය.