Local news

24 හැවිරිදි තරුණියකගේ මළ සිරුර යාත්‍රාවකින් මතුවෙයි.!

24 හැවිරිදි තරුණියකගේ මළ සිරුර යාත්‍රාවකින් මතුවෙයි.!

ගල්කිස්ස රත්මලාන මුහුදු තීරයේ අත්හැර දමන ලද ධීවර යාත්‍රාවක තිබී සැකකටයුතු ලෙස මියගිය 24 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් හමුවී ඇත.

ලද තොරතුරක් මත පොලීසියට විසින් එම මළ සිරුර සොයාගෙන ඇති අතර මියගිය 24 හැවිරිදි තරුණිය රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව පොලීසිය සඳහන් කරයි.

“පොඩි ලැසී” කුදලාගෙන එන්න CID නිලධාරීන් ඉන්දියාවට.!

“පොඩි ලැසී” කුදලාගෙන එන්න CID නිලධාරීන් ඉන්දියාවට.!

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් “පොඩි ලැසී” සම්බන්ධ එරට නීති කටයුතු අවසන් කොට, සැකකරු මෙරටට භාරදීමට නියමිතව ඇති අතර ඒ අනුව සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව “පොඩි ලැසී” මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (25) පස්වරුවේ ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

රට ගැන හැගීමක් නැති සිංහ පෝතකයින්ගේ කෙරුවාව.!

රට ගැන හැගීමක් නැති සිංහ පෝතකයින්ගේ කෙරුවාව.!

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ අන්ත පරාජයත් සමග සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

කණ්ඩායමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් තණතිල්ලේ ස්වභාවය සහ තරඟයේ තත්ත්වය නිවැරදිව වටහා නොගැනීම නිසා ඊයේ (25) දින දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයකි.

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ජයග්‍රහණය වෙනුවෙන් වගකීමක් ඇතිව ක්‍රීඩා නොකිරීම සහ රට ගැන කිසිදු හැගීමක් නොමැතිව ක්‍රීඩා කිරීම සම්බන්ධව ප්‍රේක්ෂකයින් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කරයි.

පකිස්තානය සමග තව එක තරගයක් තිබෙන බවත් එම තරගය හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙන බවද ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කරයි.

නායක දසුන් ශානක සඳහන් කළේ,

“මැච් එකක් තියෙනවා. හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන්ලා ටික තමයි මෙතන ඉන්නේ.”

“ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෙගටිව් දේවල්. ක්‍රීඩකයෝ විදියට අපි පොසිටිව් හිටියත් එළියෙන් ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් පරිසරයක්.

ඒක හරි පාඩුවක් ලංකාවේ ක්‍රිකට් වලට. මං හිතන්නේ නැහැ මේකත් රැකගන්න පුළුවන් කියලා. මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද.?

ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ. ඒ දේවල් ගවර්මන්ට් එකෙන් හරි නැවැත්තුවොත් මානසික සුවයට ඒක පහසුවක් වෙයි.”

ලංකාවේ ජනතාව මෙතරම් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීමට ක්‍රීඩකයින් දරන උත්සාහය සහ ඒ සඳහා ඉහළ තනතුරු වලින් එල්ල වන බලපෑම ගැන සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.

ගුරු අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්.!

ගුරු අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්.!

සියලු විද්‍යා පීඨ ගුරුවරුන් සඳහා ලබාදෙන ගුරු අධ්‍යාපන ඩිප්ලෝමාව, උපාධියක් දක්වා යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

මේ සම්බන්ධ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවත් විද්‍යාපීඨ විශය මාලාව සංශෝධනය කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කරයි.

මහ­ජන ආර­ක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන.!

මහ­ජන ආර­ක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන.!

මත්ද්‍රව්‍ය ජාවා­ර­මට එරෙ­හිව දැඩිව නීතිය ක්‍රියා­ත්මක කිරීම හේතු­වෙන් මහ­ජන ආර­ක්ෂක අමාත්‍ය ආනන්ද විජේ­පාල සහ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහ­ත්ව­රුන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව අනා­ව­ර­ණය වී ඇතැයි පොලී­සිය පවසයි.

අවි­ස්සා­වේල්ල ප්‍රදේ­ශ­යෙන් ලැබුණු බුද්ධි තොර­තු­ර­කට අනුව මේ පිළි­බ­ඳව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැ­යිද පොලී­සිය පැවසීය.

බස්නා­හිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සජීව මැද­වත්ත, නීති දිශාව භාර නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ ජාලිය සේන­රත්න, මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලි­ස්පති අසෝක ධර්ම­සේන සහ පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර පොලිස් අධි­කාරී නීති­වේදී ෆෙඩ්රික් වුට්ලර් මහ­ත්වරු සහ­භාගි වෙමින් පොලිස් මාධ්‍ය කොට්ඨා­සයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමු­වේදී මෙම කරුණු අනා­ව­ර­ණය විය.

අකුරේගොඩ වෙඩික්කරු බන්ධනාගාර නිලධාරී ඇතුළු ඝාතන හයක් සිදු කරලා.!

අකුරේගොඩ වෙඩික්කරු බන්ධනාගාර නිලධාරී ඇතුළු ඝාතන හයක් සිදු කරලා.!

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු ගැන කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.

නාවික හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකු වන ඔහු කරන්දෙණිය සුද්දාගේ විශ්වාසවන්තම හා දක්ෂතම වෙඩික්කරු බව සඳහන්.

සැකකරු බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු ඝාතන හයකට අදාළ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇතැයිද මේ වනවිට කරුණු අනාවරණ වී ඇත.

මේ වනවිට අදාළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් දෙදෙනා ඊට ආධාර අනුබල දුන් කණ්ඩායමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඝාතන සිද්ධියේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතයෙන් වෙඩිතබා ඇත්තේ මෙම දෙවන වෙඩික්කරු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා ඔහුගේ ඡායාරූප කිහිපයක් මාධ්‍යවෙත නිකුත් කර තිබුණි.

එවන් පසුබිමක අදාළ පුද්ගලයා මොනරාගල, නක්කල, ටැංවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ප්‍රදේශවාසියෙකුගෙන් තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව මොනරාගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඊයේ (24) රාත්‍රියේ අදාළ නිවස වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔවුන්ගේ ඡායාරූප මගින් සැකකරුවන් පිළිබඳ තහවුරු කරගත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය, ඔවුන්ව දැඩි රැකවල් මැද කොළඹට රැගෙන ආවේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනාගෙන් අයෙක් කනංකේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි මනෝජ් උදයංග නම් හිටපු නාවික හමුදා සෙබළයාය. 

ඔහු රූබස් රමේෂ් යන නමින්ද පෙනී සිට ඇති අතර, එම නමින් විදෙස් ගමන් බලපත්‍රයක්ද තිබී ඇතැයි පොලිසිය පවසයි.

වසර 11ක පමණ කාලයක් නාවික හමුදා සේවයේ සිට ඉන් නීත්‍යානුකූලව ඉවත්වූවෙක්ද වේ.

එලෙස සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව කිසිදු රැකියාවක් සිදුනොකළ සැකකරු, දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙක් වන අතර, අත්අඩංගුවට පත්වන විටත් ඔහු සතුව හෙරොයින් හා කුෂ් මත්ද්‍රව්‍ය තිබී සොයාගෙන ඇත.

සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින කාලයේදී ඔහු සහ කරන්දෙණිය සුද්දා අතර සම්බන්ධතා ගොඩනැඟී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර වෙඩික්කරු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් දිනුජන සඳරුවන් වන අතර, ඔහු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

ඔහු නීතීඥවරයා ඝාතනය සඳහා වෙඩික්කරුන් පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයා බවට පොලිසිය සැකකරයි.

ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකුම කරන්දෙණිය සුද්දාගේ සමීපතමයන් බවද වාර්තා වේ.

අත්අඩංගුවටගත් අනෙක් සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි කැළුම් සුජීව නැමැත්තෙකු වන අතර, ඔහු සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් අයෙක්ය. 

එම සැකකරු මාර්ග සංවර්ධන කටයුතුවල නිරත අයෙකු වන අතර, ඔහු මොනරාගල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක සෙසු සැකකරුවන් සමග සිට ඇතැයි හෙළිවී ඇත.

ඔහු මීට සති දෙකකට පමණ ඉහතදී සෙල්ලකතරගම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක නිරතව සිටියදී අපරාධකරුවකු වන පෙතියාගොඩ සංඛ නැමැත්තා දුරකතනයෙන් ඔහු අමතා, “කොල්ලෙක් ඉන්නවා, වැඩට ගන්න”යනුවෙන් පවසා ඝාතනය සඳහා පැමිණි රියදුරු එහි එවා ඇති බව පොලිසිය සඳහන් කළේය.

පසුව එහි වැඩ නිමවීමෙන් පසුව ඔවුන් දෙදෙනා මොනරාගල ප්‍රදේශයේ නිවසට පැමිණ ඇති අතර, මීට දින 5කට පමණ ඉහතදී පෙතියාගොඩ සංඛ නැමැත්තා නැවත දුරකථන ඇමතුමක් ලබාදී වෙඩික්කරුද අදාළ නිවසට එවා ඇති බව වාර්තා වේ.

අමුතු පොලිස් පිරිසක් ගැන විමර්ශන අරඹයි.!

අමුතු පොලිස් පිරිසක් ගැන විමර්ශන අරඹයි.!

කොළඹ ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ වෙනත් පෞද්ගලික ආයතන වෙත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් දී වංචනික ක්‍රියාවල නිරත වන සංවිධානාත්මක කණ්ඩායම් පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

එලෙස දුරකථන ඇමතුම් ලබාදී ඔවුන් විවිධ උත්සව සඳහා ආහාර ද්‍රව්‍ය හා මුදල් ඉල්ලා සිටින බවට තොරතුරු අණාවරණ වී ඇති බැවින් එවැනි පුද්ගලයින් හා කණ්ඩායම්වල එම වංචනික ක්‍රියාවන්ට නොරැවටෙන ලෙසද පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

එම කණ්ඩායම් හා පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 859 15 15 යන දුරකථන අංකයට තොරතුරු දැනුම් දෙන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අපිව බොරු නඩු වලට පටලවන්න හදනවා.. අපි ඔක්කොම එකතු වෙමු.!

අපිව බොරු නඩු වලට පටලවන්න හදනවා.. අපි ඔක්කොම එකතු වෙමු.!

අපි හැම එක්කෙනාටම එක එක චෝදනා දාලා එක එක නඩුවලට පටලවන්න හදන බැවින් මේ සඳහා විපක්ෂය එකතුවෙලා කටයුතු කිරීමට තමාගේ උපරිම සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිත්වය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ නිදහස සීමා කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් විවිධ නඩු පවරමින් විපක්ෂය අඩපණ කිරීමට උත්සාහ දරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

පවතින මතවාදී වෙනස්කම් පසෙක තබා, ජනතාවගේ අයිතිවාසිකම් සහ රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ,

“අද තර්ජන ඇවිල්ලා තියෙනවා. ඒ තර්ජන වලට අපි මුහුණ දෙන්න ඕන. අපි දැකලා තියෙනවා එක එක පුද්ගලයන්ට සිදුවෙලා තියෙන හානිය. අපි හැම එක්කෙනාට වාගේ එක එක චෝදනා දාලා එක එක නඩුවලට පටලවන්න හදනවා. ඒනිසා මේ සඳහා අපි එකතුව ක්‍රියා කරමු. මගෙත්, මේ පක්ෂයෙත් සම්පුර්ණ සහයෝගය තියෙනවා.”

කොළඹ මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී (25) දින විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ පැවැති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරයි.

සිංහ පෝතකයින් ලංකාවේ සිහිනය බොඳ කරයි.!

සිංහ පෝතකයින් ලංකාවේ සිහිනය බොඳ කරයි.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවති තීරණාත්මක තරගය ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් අහිමි විය.

එම අන්ත පරාජයත් සමග සුපිරි 8 වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතහැර දැමීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

පිතිකරුවන් සහ පන්දු යවන්නන් තණතිල්ලේ ස්වභාවය සහ තරඟයේ තත්ත්වය නිවැරදිව වටහා නොගැනීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දැකගත හැකි වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයකි.