Local news

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන අලි සබ්රිගේ විරෝධය.!

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන අලි සබ්රිගේ විරෝධය.!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නීතීඥ අලි සබ්රි සිය ‘X’ ගිණුමේ සටහනක් තබා ඇත.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යනු එල්ටීටීඊ බුද්ධි ජාලය බිඳ දැමීම, එල්ටීටී උසස් නායකයින් ඉලක්ක කර ගත් බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්ම කිරීම සහ කේ.පී. වැනි එල්ටීටීඊ නායකයින් අත්අඩංගුවට ගැනීමට වැනි කටයුතු වලට සම්බන්ධ වී ක්‍රියාකළ නිලධාරියෙකු බව හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ යුතු වූ විමර්ශනය වෘත්තීයමය සහ සාක්ෂි පදනම් කරගත් ක්‍රියාවලියක් විය යුතු බවත් ඒ වෙනුවට, අපට වැඩි වැඩියෙන් දකින්නට ලැබෙන්නේ සංකීර්ණ පරීක්ෂණයක් මහජන දර්ශනයක් බවට පරිවර්තනය වීම බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.

රටට අභියෝගාත්මකම කාල වලදී ජීවිත අවදානමද නොතකා සේවය කළ නිලධාරීන් අද දේශපාලන වාද-විවාදවල මැදට ඇද දැමීම බොහෝ දෙනා කනස්සල්ල ලක්වන කරුණක් බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය යටතේ වගකීම් භාරගැනීම අත්‍යවශ්‍ය වුවද, එය සාධාරණත්වයෙන්, සීමාවෙන් සහ ආයතනික අඛණ්ඩතාවයට ගරු කරමින් සිදුකළ යුතු බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සත්‍යය හා යුක්තිය සොයා යා යුතු නමුත් එය නීතිය, සාක්ෂි සහ වගකීම් සහිත නායකත්වය මත පදනම්ව සිදු විය යුතු අතර, ජනතාව වෙන්කර හෝ මඟ හැරවීම සඳහා නිර්මාණය කළ නාට්‍යමය ක්‍රියාමාර්ග මත නොවිය යුතු බවද හිටපු අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.

ඩේසි ආච්චිගේ නිදහස.!

ඩේසි ආච්චිගේ නිදහස.!

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුව අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසී ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්තවයක් තිබෙනවාද.? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

විත්තිකාරිය නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වාර්තාව තුළින් වෛද්‍යවරු නිර්දේශ නිකුත් කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම චෝදනා පත්‍රය සංශෝධනය කර පළමු විත්තිකාර යෝෂිත රාජපක්ෂට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව මාර්තු මස (27) වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි.!

සුරේෂ් සලේ පැය 72ක් රඳවා ප්‍රශ්න කරයි.!

මීට පෙර පැවැත්වූ පොලිස් විශේෂ මාධ්‍ය හමුවේදී පොලීසිය පැවසූවේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ බවත් ඒ අනුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත කියා සිටියේ සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ සාක්ෂි මත පදනම්ව බවයි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බැවින් ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේ දී අනාවරණය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එම හේතුව පැය කිහිපයක් තුළ අනාවරණය කිරීම අපහසු බවද සඳහන් කර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලීසියේ කාර්ය නිසි ලෙස ඉටුකර ඇති බවත් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් හේතුව නිසි ලෙස අනාවරණය නොකර විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් පොලීසියට එරෙහිව කැම්පේන් එකක් සිදුව ඇති බවට මාධ්‍යවේදීන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ඔහුව අත්අඩංගුවට නොගෙන සිටියේ නම් පොලීසියට විරුද්ධව කැම්පේන් සිදුවිය යුතුව තිබූ බවය.

එමෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගෙන් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වු නීති දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ දී දින 3ක් රඳවා ගැනීමේ හැකියාව හිමිවෙන බවය.

ඉන් අනතුරුව සාක්ෂි මත පදනම්ව රඳවා ගැනීමේ නියෝගයක් ලබාගැනීමට කටයුතු කළ හැකි බවද පැවසු ඒ මහතා, ඒ සඳහා නෛතික ප්‍රතිපාදන ඇති බවත් කියා සිටියේය.

සුරේෂ් සලේ මහතාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජනතාව දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුවත් කරන බවද නියෝජ්‍ය පොලිස්පති ජාලිය සේනාරත්න මහතා පැවසීය.

ඉදල් පහරේ ඝාතනය.. බිරිඳ – තවත් කාන්තාවක් අත්අඩංගුවට.!

ඉදල් පහරේ ඝාතනය.. බිරිඳ – තවත් කාන්තාවක් අත්අඩංගුවට.!

හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවසකදී 32 හැවිරිදි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇත.

එම මරණකරු අසල නිවසකට ගොස් දොර ජනෙල් වලට පහරදී ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එම නිවසේ සිටි කාන්තාවක් විසින් ඒ සම්බන්ධව මරණකරුගේ බිරිඳට දැනුම් දී ඇත. 

අනතුරුව මරණකරුගේ බිරිඳ එම නිවසට පැමිණ එම කාන්තාව සමඟ මරණකරුට ඉදලකින් පහරදීමක් සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම ඝාතනය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට.!

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු ලේකම් ප්‍රියංක අත්අඩංගුවට.!

හිටපු ලේකම් ප්‍රියංක අත්අඩංගුවට.!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රියංක මද්දුම බණ්ඩාර සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මහපොළ ඔන්ලයින් ලොතරැයි සඳහා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු මහමොළකරු වේගයෙන් හොයනවා.!

පාස්කු මහමොළකරු වේගයෙන් හොයනවා.!

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පුද්ගලයන්, ප්‍රහාරයට සෘජුව දායක වූවන් සහ මෙහි පසුපස සිටින මහ මොළකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ කටයුතු රජය විසින් වේගවත් කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එම ප්‍රහාරයට අදාළ පුද්ගලයන් විටින් විට අත්අඩංගුවට ගනිමින් සාක්ෂි සටහන් කරගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඇතැම් පුද්ගලයන් විදේශගතව සිටින බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අදාළ විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි.!

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු පත් කර තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ආ ව්‍යවස්ථාව ප්‍රකාරව 2026 පෙබරවාරි මස 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදු කර ඇත.

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය රාජ්‍ය අනුමණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස සේවය කරන මහාචාර්ය සුසිරිපාල මානවඩු රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ලෙසද රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ලෙසද කටයුතු කර ඇත.

ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් වෙළඳපොලට.!

ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් වෙළඳපොලට.!

ලිට්‍රෝ සමාගම පවසන්නේ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.

[අසුගිය දින කිහිපය පුරා පැවති ගෑස් හිඟය හමුවේ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් පෙරේදා දිවයිනට පැමිණියා.

එමෙන්ම හෙට සහ 28 වැනිදා තවත් ගෑස් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත අතර එහි ගෑස් මෙට්‍රික් ටොන් 7,600ක් අඩංගුයි.