Attention (Sinhala)

ඉහළ දැමු බස් ගාස්තු මෙන්න.!

ඉහළ දැමු බස් ගාස්තු මෙන්න.!

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් හෙට (02) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තුව සියයට 4.01%කින් ඉහළ දමා ඇත.

අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවත් මෙම ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ඉහළ දමන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි.

Loading

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇගවීම්.!

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇගවීම්.!

මේ දිනවල පවතින වැසි තත්ත්වය හේතුවෙන් කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මතුගම සහ ඉංගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඹ්විට, යටියන්තොට හා රුවන්වැල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සදහා අනතුරු ඇගවීම බලපැවැත්වෙයි.

තවද රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සදහා ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇගවීමක් නිකුත් කර ඇත.

Loading

අද සිට නව දුම්රිය කාලසටහනක් නිකුත් කරයි.!

අද සිට නව දුම්රිය කාලසටහනක් නිකුත් කරයි.!

අද (01) දිනයේ සිට නව දුම්රිය කාලසටහනක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

කැලණිවැලි මාර්ගයේ ගමනාන්ත වෙත අවම කාලයකින් ළඟා වීම සඳහා අත්හදාබැලීම සඳහා එම කාලසටහන නිකුත් කර ඇති අතර එය සති දෙකක කාලයක් ක්‍රියාත්මක කරයි.

Loading

කාලගුණයෙන් අනතුරු ඇගවීමක්.!

කාලගුණයෙන් අනතුරු ඇගවීමක්.!

අද (01) දිනයේ මිලිමීටර 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම, වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තවද නැගෙනහිර, ඌව පළාත්වලත් පොළොන්නරුව, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

පාසල් දරුවන් අනතුරේ.. මාරාන්තික බැක්ටීරියාව කොළඹට රිංගයි.!

පාසල් දරුවන් අනතුරේ.. මාරාන්තික බැක්ටීරියාව කොළඹට රිංගයි.!

‘මෙනින්ගොකොකල්’ නමැති මාරාන්තික බැක්ටීරියාව ආසාදනය වූ 49 හැවිරිදි පුද්ගලයකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ. එම්. ගුණතිලක සදහන් කරයි.

මෙම රෝගියාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර පසුව එහිදී පරීක්ෂණ කිහිපයක් සිදුකර රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

එම පුද්ගලයා රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙකු බවත් සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30 දෙනෙකු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ. එම්. ගුණතිලක සදහන් කරයි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකුට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නමැති බැක්ටීරියාව ආසාදනය වූ එක් පුද්ගලයෙකු හඳුනාගැනීම පවා ඉතා වැදගත් කරුණක් බව සදහන් කරයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීකයන්ගේ ජාතික ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සදහන් කළේ, බස්නාහිර පළාත භාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා දකුණු පළාත භාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මොළයේ උණ රෝගී තත්ත්වය ගැන ජනතාව දැනුවත් කරන ලෙසයි.

පාසල් විවෘත කරන නිසා ඊට පෙර බස්නාහිර සහ දකුණු පළාත තුළ මොළයේ උණ රෝගී තත්ත්වය ව්‍යාප්තිය පාලනයට ගනු ලබන පියවර සම්බන්ධයෙන් හා දෙමාපියන් තුළ ඇති විය හැකි අනියත බිය පහකිරීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද සභාපති වෛද්‍ය චමල් සංජීව සදහන් කරයි.

Loading

බෝග වර්ග හයකට රජයෙන් වන්දි.!

බෝග වර්ග හයකට රජයෙන් වන්දි.!

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ, නියඟය හේතුවෙන් විනාශයට පත්වූ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් වන්දි ගෙවන බවයි.

තවද සෙසු වගා හානි සඳහා සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

Loading

හෙට දිනයේ බැංකු විවෘතව තබයි.!

හෙට දිනයේ බැංකු විවෘතව තබයි.!

හෙට (30) දින පොහොය දිනයක් හේතුවෙන් රජයේ නිවාඩු දිනයක් වුවද රාජ්‍ය බැංකු විවෘතව තැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් හෙට දිනයේ රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව සදහන් කරයි.

Loading

රටේම ජනතාවට මහ බැංකුවෙන් හදිසි නිවේදනයක්.!

රටේම ජනතාවට මහ බැංකුවෙන් හදිසි නිවේදනයක්.!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රටේ ජනතාවට විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

මාර්ගගත ක්‍රම ඔස්සේ සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙසත් වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසද මහ බැංකුව සදහන් කරයි.

ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව මහ බැංකුව රටේ ජනතාව දැනුවත් කර ඇති අතර යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු cbslgen@cbsl.lk යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බවද මහ බැංකුව සදහන් කරයි.

Loading

ඇස් පරිස්සම් කරගන්න.. විශාල අනතුරක් අත ලග.!

ඇස් පරිස්සම් කරගන්න.. විශාල අනතුරක් අත ලග.!

මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශය සතුව කිසිදු වර්ගයක අක්ෂි කාච නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී දැඩි හිගයක් මතුවිය හැකි බවට බලධාරීන්ට දැනුම් දී ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති සදහන් කරයි.

මසකට අක්ෂි කාච 15,000 ක් පමණ රටපුරා රෝහල් වල සැත්කම් සඳහා අවශ්‍ය වුවද මේ වනවිට එම රෝහල්වල වෛද්‍ය සැපයුම් අංශයෙන් සැපයූ අක්ෂි කාච සහ පරිත්‍යාග වශයෙන් ලැබුණු අක්ෂි කාච පමණක් සතු බවද සෞඛ්‍ය වෘත්තිය සමිති සදහන් කරයි.

ඉදිරියේදී දැඩි හිගයක් හේතුවෙන් හදිසි මිලදී ගැනීමට යොමුවුවහොත් මසකට රුපියල් කෝටි 20ක පමණ පාඩුවක් රජයට දැරීමට සිදුවන බවද සෞඛ්‍ය වෘත්තිය සමිති සදහන් කරයි.

නිසියාකාරව ටෙන්ඩර් කිරීමක් නොකර අක්ෂි කාච ටෙන්ඩරයක් තාවකාලිකව නතර කිරීම මෙයට හේතුව බවද සෞඛ්‍ය වෘත්තිය සමිති තවදුරටත් සදහන් කරයි.

Loading

“රට විදේශිකයන්ට පාවාදුන්නේ රටේ පාලකයින්.. රටේ කෑලි විකුණා වහල්කමේ යනවා”

“රට විදේශිකයන්ට පාවාදුන්නේ රටේ පාලකයින්.. රටේ කෑලි විකුණා වහල්කමේ යනවා”

රටේ කොටස් විදෙස් රටවලට විකුණා, නොයෙකුත් බලවේග වලට යටත් වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙන යන්නට කටයුතු කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදිවට දැන් ඉන්දියාවට පාලමක් හදන්න සැරසෙන බවත් ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බවද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණ ආර්ථික ගනුදෙනුවලට ගනුදෙනු කළා මිසක් ලංකාවේ රජවරු වහල්කම් කරන්න ගියේ නැති බවත් ඉතිහාසයේ සිට මේ රට විදේශිකයන්ට පාවාදුන්නේ රටේ පාලකයින් බවද කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියන් තවදුරටත් සදහන් කළේ,

“ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ.

අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ලංකාව එදා ඉඳලම තිබුණේ වෙනම. විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම්, යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියණි, අපේ නායකයින්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ පාලමක් හැදීම පිළිබඳ අදහස සඳහා විශේෂ මහජන මත විමසුමක් ඇති කළ යුතුයි.

මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. අපේ රට වෙනුවෙන් අපි ඇත්තටම අද කනගාටු වෙනවා. නිදහස ලැබුවාට පස්සේ, අපිට තියෙන්නේ දැන් නිදහස නැති කරගන්න. ඉඩම් අක්කර දහස් ගණන් දෙමු අපි ඔක්කෝම රටවල් වලට. කෑලි කෑලිවලට කඩලා දෙමු හරි හොඳයි. එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ. මේක අසනීපයක්.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS