Attention (Sinhala)

රට තුළ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්.. උණු වතුර පානය කරන්න.!

රට තුළ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්.. උණු වතුර පානය කරන්න.!

මේ දිනවල පවතින නියං තත්ත්වය මත සාමාන්‍ය ජල මුලාශ්‍ර සිඳී යෑම හේතුවෙන් පානීය ජලය සපයා ගැනීම ජනතාවට දැඩි ගැටලුවක් බවට පත්වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි.

පවතින නියං තත්ත්වය මත ජල මූලාශ්‍ර අපිරිසිදුවීම් විෂබීජ ආසාදනයන් තිබීම හේතුවෙන් ඉදිරියේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සදහන් කරයි.

පානය කරන ජල මුලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් එම ජලය උණුකර නිවා පානය කරන ලෙසත් එලෙස පානය කිරීමෙන් රෝගවලින් වැළකීමට හැකියාව ලැබෙන බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සදහන් කරයි.

සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ තවදුරටත් සදහන් කළේ,

“ග්‍රාමීය ප්‍රදේශවලට යනකොට දුෂ්කර ප්‍රදේශවලට යනකොට මේ තත්ත්වය බරපතළ තත්ත්වයක් බවට පත්වෙමින් තියෙනවා. එහිදී ළිං, නළ ළිං ආදිය මේ නියං තත්ත්වය සමග සිඳීයෑම නිසා ජනතාවට පානීය ජලය සොයාගැනීම දැඩි දුෂ්කරතාවයක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා තිබෙන ජල මුලාශ්‍රවලින් ජලය සපයා ගන්න ඔවුන් උත්සාහ කරනවා.

එහිදි ඒ ජල මුලාශ්‍රවල යම් යම් අපිරිසිදුවීම් විෂබීජ ආසාදනයන් තිබීමට යම් සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී මේ ජල මුලාශ්‍රවලින් මේ ජනතාව ජලය භාවිත කරන විට පාචනය හා අතීසාරය වැනි රෝග තත්ත්වයන් මතුවීමේ යම් අවදානමක් තියෙනවා.”

Loading

වගා හානිවූ ගොවීන්ට රජයෙන් වන්දි.!

වගා හානිවූ ගොවීන්ට රජයෙන් වන්දි.!

දිවයිනට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වගා හානිවූ සියලුම ගොවීන්ට වන්දි ලබාදීමට තීරණය කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ සදහන් කරයි.

ඒ අනුව අක්කරයකට රුපියල් 40,000 සිට වන්දි මුදල් ලබා දෙන බවත් ඊට අදාළ තක්සේරු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද ලේකම් ගුණදාස සමරසිංහ සදහන් කරයි.

Loading

පොලීසියෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්.!

පොලීසියෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්.!

විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක කන්ටේනර් රථයක් ගැටී ඇති අතර මෙම කන්ටේනර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේදී කන්ටේනර් රථය නැවතීම හේතුවෙන් දුම්රියේ ගැටී අනතුර සිදුව ඇතැයි පොලීසිය සදහන් කරයි.

අනතුරුව කන්ටේනර් රථයේ රියදුරු එම අවස්ථාවේදී රථය දමා බැස ඇති බවත් තුවාලකරුවන් කිසිවෙක් වාර්තා වී නොමැති බවද පොලීසිය සඳහන් කරයි.

කන්ටේනර් රථය දුම්රියේ ගැටී සිදුවු අනතුර හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබීම මත මගී ජනතාවට හා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ‍පොලීසිය දැනුම්දීමක් කරයි.

ඒ අනුව කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ හැකිය.

මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ – කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.

තවද දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඹ්විට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ – මහනුවර මාර්ගයට පිවිසිය හැකි බවද පොලීසිය සදහන් කරයි.

Loading

ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.!

ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.!

දිවයින පුරාම සියලු ප්‍රදේශ වලට විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීමට හා සමනළ වැව ජලාශයෙන් ලබාදිය හැකි උපරිම ජල ප්‍රමාණය විදුලිය උත්පාදනය වෙනුවෙන් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

අද (08) දින අළුයම 3.00 සිට සමනළ වැව ජලාශයේ උපරිම ජළ ධාරිතාවයෙන් ජලය කියුබික් මීටර් මිලියන 3.5ක් නිකුත් කිරීමටත් එම ජල ධාරිතාව භාවිත කරමින් විදුලි උත්පාදනය කිරීමටද විදුලිබල මණ්ඩලය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එළඹෙන (11) වනදා සිට (15) වනදා දක්වා කියුබික් මීටර් මිලියන 2.5ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකට ජලය නිකුත් කර විදුලිය උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත් වත්මන් තත්ත්වය අනුව එළඹෙන (16) වැනිදා සිට පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන සමනළ වැව ජලාශයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

විදුලිබල මණ්ඩලය යටතේ සමනල වැව ජලාශය පාලනය වන බවත් අනිකුත් සෑම ජලාශයකම විදුලිබල උත්පාදනයට අවශ්‍ය ජලය නිකුත් කිරීමේ වගකීම දරනු ලබන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල කළමනාකරණ කමිටුව බවද අමාත්‍යවරයා සදහන් කරයි.

නිසි කළමනාකරණයකින් සමනල වැව ජලාශයේ ජල ධාරිතාව විදුලිය උත්පාදන කටයුතු සඳහා යොදා ගන්නා බවත් විදුලිබල මණ්ඩලය සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන වැඩසටහන අනුව විදුලි උත්පාදනය සැප්තැම්බර් මස (15) වැනිදා දක්වා කිසිදු ගැටලුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව තිබෙන බවද සදහන් කරයි.

සමනළ වැව ජලාශයෙන් අතිරේක ජලය නිකුත් කිරීම හේතුවෙන් දකුණු පළාතේ මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත්, ගාල්ල දිස්ත්‍රික්කයේ අර්ධ වශයෙන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ වශයෙනුත් යම් කාල සීමාවකට යටත්ව විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් මේ වනවිට මතුව තිබෙන බවද සදහන් කරයි.

එනිසා අත්‍යවශ්‍ය විදුලිය මිලදී ගැනීමක් සිදු කිරීමට රජයට මේ අවස්ථාවේ සිදුව තිබෙන බවත් සමනළ වැව ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවන නිසා එම ප්‍රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් එළඹෙන (16) වැනිදා වන විට විදුලිය මිලදී ගැනීමට කටයුතු කළ යුතුව තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන සියලුම බලාගාර පද්ධති තුළින් විදුලිය සැපයීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවත් රජය කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවකට අවශ්‍ය තීන්දු තීරණ ගෙන නැති බවත් ජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැති බවද අමාත්‍යවරයා සදහන්.

විදුලි කප්පාදුවක් සිදුවන විට රටට සංචාරකයන් පැමිණෙන්නේ නැති බවත් රටේ කර්මාන්ත වලට දැඩි බලපෑමක් සිදුවන බවද අද (08) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මේ බව සදහන් කරයි.

Loading

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.!

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.!

දුම්රිය හරස් මාර්ගයක අලුත්වැඩියාවක් හේතුවෙන් පොළොන්නරුව සහ මනම්පිටිය දුම්රිය ස්ථාන අතර මානික්කම් පට්ටිය මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය දින 03ක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එළඹෙන (10) වනදා පෙ.ව 07.00 සිට (11) වනදා ප.ව 02.30 දක්වා අර්ධ වශයෙන්ද, (12) වනදා පෙ.ව 07.00 සිට (13) වනදා ප.ව 08.30 තෙක් සම්පූර්ණ වශයෙන්ද වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දිනවල මහජනතාවට වාහන ගමනාගමන කටයුතු සඳහා දුම්රිය සැ.160 දම්.42 දරණ ස්ථානයේ පිහිටි මුස්ලිම් කොළණි දුම්රිය හරස් මාර්ගය භාවිත කළ හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

පොදු ප්‍රවාහනයට එන අලුත්ම වෙනස.!

පොදු ප්‍රවාහනයට එන අලුත්ම වෙනස.!

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේ, පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් (E- ticketing) ක්‍රමය හඳුන්වාදීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවයි.

මේ වනවිට ජාතික බස් සංගම් හතක් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පළාත් මට්ටමින්ද අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කරයි.

Loading

දිවයින පුරා සන්නද්ධ හමුදා කැදවීමට ජනපතිගෙන් ආඥාවක්.!

දිවයින පුරා සන්නද්ධ හමුදා කැදවීමට ජනපතිගෙන් ආඥාවක්.!

ජනාධිපතිවරයා විසින් රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ආඥාව නිකුත් කර ඇත.

Loading

ජල අර්බුදය තවත් උග්‍ර වෙයි.. දිස්ත්‍රික්ක 12කට රතු එළි.!

ජල අර්බුදය තවත් උග්‍ර වෙයි.. දිස්ත්‍රික්ක 12කට රතු එළි.!

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට පානීය ජල ගැටලුවක් නිර්මාණය වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සදහන් කරයි.

මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 48,000ක් පීඩාවට පත්ව ඇති බවත් පුද්ගලයින් 156,000කට ආසන්න සංඛ්‍යාවක් සදහා පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවද එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ සදහන් කරයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතු බවුසර් භාවිතයෙන් එම දිස්ත්‍රික්කය 12 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40කට ආසන්න ප්‍රමාණයකට පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවද අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ සදහන් කරයි.

තවද එම දිස්ත්‍රික්කවල රෝහල් සඳහා ජලය සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් සතුන් සදහා වන සංරක්ෂණ හා වනජීවි ආයතන විසින් බවුසර් මඟින් වතුර ලබාදීමට කටයුතු කරමින් සිටින බවද සුදන්ත රණසිංහ සදහන් කරයි.

මේ අතර මෑත ඉතිහාසයේ උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම පහළ ගිය අඩුම අගය මේ වන විට වාර්තා වී ඇති බවද මහවැලි අධිකාරිය සදහන් කරයි.

Loading

ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට.!

ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට.!

අද (07) දින උදෑසන 11.27ට පමණ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් චීනවරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති අතර එම අනතුරින් ගමන් ගත් නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇත.

ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් එලෙස අනතුරට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කරයි.

මෙම ගුවන් අනතුර පිළිබඳ විශේෂ විමර්ශනය කිරීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත්කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කරයි.

Loading

දැඩි නියගය හේතුවෙන් යළිත් විදුලි කප්පාදුවක්.!

දැඩි නියගය හේතුවෙන් යළිත් විදුලි කප්පාදුවක්.!

අද දිනයේ නැවතත් සමනල වැවෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය රැස්වන අතර විදුලි කප්පාදුවකට යාමට සිදුවීම හේතුවෙන් සමනල වැවෙන් ජලය නිකුත් කිරීමට ඇතැම් පිරිස් සිය අකැමැත්ත පළ කර ඇත.

මේ අතර පවතින නියං තත්ත්වය තවදුරටත් පැවතුන හොත් යළිත් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවත් මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද විදුලිබල මණ්ඩල ප‍්‍රකාශකයෙකු සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS