Attention (Sinhala)

වැඩ වර්ජනයෙන් රෝගීන් අමාරුවෙි.. හදිසි පරීක්ෂණ පෞද්ගලික අංශවලින්.!

වැඩ වර්ජනයෙන් රෝගීන් අමාරුවෙි.. හදිසි පරීක්ෂණ පෞද්ගලික අංශවලින්.!

අද දිනයේ දිවයින පුරා සියලු රජයේ රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ සංකේත වැඩ වර්ජනයෙන් රෝගීන් රැසක් පීඩාවට පත්ව ඇත.

රෝගීන් පීඩාවට පත්වීම හේතුවෙන් අවශ්‍ය ඖෂධ රජයේ ඔසුසැල් වලින් ලබාගැනීමට සියලු පහසුකම් සපයා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.වීජේසූරිය සදහන් කරයි.

ඉතාමත් හදිසි පරීක්ෂණ සිදුකරගැනීමට රසායනාගාර පරීක්ෂණ බාහිර පෞද්ගලික ස්ථානයකින් ඉටුකරගෙන එම මුදල් රජය මගින් ගෙවීම සඳහා කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.වීජේසූරිය සදහන් කරයි.

Loading

රෝගී තත්ත්වයක් ගැන සෞඛ්‍ය අංශයෙන් ජනතාවට දැනුම්දීමක්.!

රෝගී තත්ත්වයක් ගැන සෞඛ්‍ය අංශයෙන් ජනතාවට දැනුම්දීමක්.!

රටේ ජනතාව මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගතයුතු නැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.

සෑම වසරකම මෙවැනි රෝගීන් කිහිපදෙනෙකු වාර්තා වන බැවින් මෙම රෝගී තත්ත්වය පැතිර යාම සම්බන්ධව ජනතාව අනියත බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.

මෙම රෝගී තත්ත්වය ආශ්‍රිතයින් මාර්ගයෙන් පැතිරෙන බවත් රෝගයෙන් ප්‍රජාවට කිසිම බලපෑමක් නැති බවත් හඳුනගත් රෝගීන් දෙදෙනා පමණක් තාම වාර්තා වී තිබෙන බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි.

පසුගියදා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට මෙනින්ගොකොකල් – මෙනින්ග්ජයර්ටීස් නමැති රෝගී තත්ත්වය වැළදී ඇති බවට අනාවරණය විය.

Loading

පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ සියලුම පුද්ගලයින්ට දඬුවම්.!

පිරමීඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ සියලුම පුද්ගලයින්ට දඬුවම්.!

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙන්නේ පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බවයි.

එම පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව සදහන් කරයි.

එම පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 (ඈ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බවද මහ බැංකුව සදහන් කරයි.

එලෙස අපරාධමය නඩු කටයුතු පැවරීම පිළිබඳව සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.

එම පිරමීඩ යෝජනා ක්‍රම ආයතන මහ බැංකුව සමඟ යම් එකඟතාවන්ට එළඹ ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදුකරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බවද මහ බැංකුව සදහන් කරයි.

Loading

රෝහල් පරීක්ෂණ සියල්ල නවතී.. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක.!

රෝහල් පරීක්ෂණ සියල්ල නවතී.. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක.!

පරිපූරක වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 05කට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙට (24) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සදහන් කරයි.

සිය ඉල්ලීම් 07ක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවත් හෙට දිනයේ උදෑසන 08.00සිට සිකුරාදා උදෑසන 08.00 දක්වා පැය 24ක වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවද සභාපති චානක ධර්මවික්‍රම සදහන් කරයි.

මෙම වර්ජනය සදහා විකිරණ විද්‍යා තාක්ෂණවේදී වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන් ඒ එක්කම භෞත චිකිත්සක වෘත්තිකයන් හා වෘත්තීය චිකිත්සක වෘත්තිකයන් එක්වන බවද සභාපති චානක ධර්මවික්‍රම සදහන් කරයි.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් සී.ටී පරීක්ෂණ, එක්ස්-රේ පරීක්ෂණ, එම්.ආර්.අයි පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා, ඒ වගේම ඖෂධ බෙදාහැරීම, නිකුත් කිරීම යන සේවාවන් සියල්ල අඩපණ වෙන බවද සභාපති චානක ධර්මවික්‍රම සදහන් කරයි.

Loading

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩු නම් විදුහල්පතිගේ වැටුප් වර්ධක අත්හිටුවයි.. අලුත්ම චක්‍රලේඛයක්.!

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩු නම් විදුහල්පතිගේ වැටුප් වර්ධක අත්හිටුවයි.. අලුත්ම චක්‍රලේඛයක්.!

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සියයට 90%ක් දක්වා ගෙන ඒමට හැකියාවක් නොමැති විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී ඇත.

ප්‍රතිඵල සියයට 90%ක ඉලක්කයට ළඟා වන සියලු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෙත 2023 වර්ෂයේ විශේෂ දීමනාවක් ලබාදෙන බවත් සේවා කාලය තුළ එක් වරක් පමණක් ලබා දෙන මෙම දීමනාව වැටුප් වර්ධක තුනකට ලබාදෙන බවද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

එනිසා ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීමට පාසල් මට්ටමින් කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසටත් දැනුවත් කිරීම් සිදුකරන ලෙසටත් පළාතේ පාසල්වල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රගතිය මේ මස (25) දින හෝ ඊට පෙර තමාට වාර්තා කරන ලෙසද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

විභාග සමත් ප්‍රතිශතය සියයට 90%කට වඩා අඩු පාසල්වල මෙම 2023 වසරේ උසස්පෙළ අසමත් වීමේ අවදානමේ ඇති සිසුන් සුවිශේෂීව හඳුනාගන්නා ලෙසත් එම පාසල් වෙත ගොස් ගුරුවරුන්, සිසුන් සහ මවුපියන් සමග සාකච්ඡා කර පවතින තත්ත්වය මඟහරවා ගැනීමට සැලසුම් කරන ලෙසද මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

Loading

පාසල් දරුවන් අනතුරේ.. දෙමාපියන්ට දැනුම්දීමක්.!

පාසල් දරුවන් අනතුරේ.. දෙමාපියන්ට දැනුම්දීමක්.!

පාසල් දරුවන්ගේ ආහාර රටාව, ආතතිය සහ ව්‍යායාම අඩුකම හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධ වලට ලක්වීමේ අවදානමක් පවතින බව කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ සදහන් කරයි.

එනිසා පාසල් දරුවන් ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවධානම මගහරවා ගත හැකි බවද විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ සඳහන් කරයි.

මේ අතර පාසල් ළමුන් අතර පසුගිය වසර තුනට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය භාවිතය තරමක අඩුවීමක් නිරීක්ෂණය වන බවත් දුම්කොළ භාවිතය ඉහළ ගොස් ඇති බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩල සභාපති ශාඛ්‍ය නානායක්කාර සදහන් කරයි.

Loading

රැකියාව හරියට නොකරන රාජ්‍ය සේවකයින් ගෙදර යවයි.!

රැකියාව හරියට නොකරන රාජ්‍ය සේවකයින් ගෙදර යවයි.!

ලංකාවේ රාජ්‍ය සේවකයින්ගේ සේවා කාලය අනුව නොව හැකියාව අනුව උසස්වීම් ලබාදිය යුතු බවත් රැකියාව හරියට නොකරන රාජ්‍ය සේවකයින්ට දඬුවම් ලබාදීමට ක්‍රමවේදයක් හැදිය යුතු බවද අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කරයි.

තම අමාත්‍යාංශයේ යම් රජයේ නිලධාරියෙක් වගකීම සහ වගවීම ඉටුකර නැතිනම් ඒ සම්බන්ධයෙන් විනය පියවර ගැනීමටත් අමාත්‍යාංශ ලේකම් හරහා විමර්ශනයක් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද අමාත්‍යවරයා සදහන් කරයි.

රටේ රාජ්‍ය සේවයේ වගකීම හා වගවීම නොමැති නිසා ජල කළමනාකරණ ප්‍රශ්නය මේ තරමට උග්‍ර වී තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

භූගත ජලය භාවිතා කරන ජනතාවට දැනුම්දීමක්.!

භූගත ජලය භාවිතා කරන ජනතාවට දැනුම්දීමක්.!

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් භූගත ජලය භාවිත කරන්නන් වඩාත් කල්පනාකාරී වන ලෙස ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. රත්නායක සදහන් කරයි.

භූගත ජලය භාවිත කිරීමේදී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කර ගන්නා ලෙසත් වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාර වලින් ජනතාවට ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකි බවද සදහන් කරයි.

තවදුරටත් භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ජනතාවට මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙසද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. රත්නායක සදහන් කරයි.

Loading

ජනතාව තවත් අනතුරක.. රෝගීන් ප්‍රමාණය ඉහළට.!

ජනතාව තවත් අනතුරක.. රෝගීන් ප්‍රමාණය ඉහළට.!

ලංකාවේ හෘද රෝග හැදෙන ප්‍රමාණය පසුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තිබෙන බවත් දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙන බවද කොළඹ ජාතික රෝහලේ  හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සදහන් කරයි.

අප එදිනෙදා කටයුතු කරන ජීවන රටාව හා රටාවේ වෙනස් වීම හේතුවෙන් හෘද රෝග හැදෙන ප්‍රමාණය වැඩිවී තිබෙන බවත් එදිනෙදා භාවිත කරන ආහාරවල ලොකු වෙනසක් තිබෙන බවද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සදහන් කරයි.

අප එදිනෙදා ලබාගන්නා ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩි බවත් එක් පුද්ගලයෙක් කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරන බවත් ජනතාව වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ තවදුරටත් සදහන් කළේ,

“මේ එන ගාන ඇත්තෙන්ම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පහුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය.

ඒවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව.

විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ.”

Loading

ගුවන් තොටුපොලේ සහායෙන් සිදුකරන මිනිස් ජාවාරම් මනුෂ හෙළිකරයි.!

ගුවන් තොටුපොලේ සහායෙන් සිදුකරන මිනිස් ජාවාරම් මනුෂ හෙළිකරයි.!

ගුවන් තොටුපොලේ සියලුම අංශ වලින් විදේශ රැකියා ජාවාරමට සහාය ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.

මිනිස් වෙළදාම වැලැක්වීම සදහා රජය ගෙනයන වැඩසටහනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහයෝගය නොලැබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අද වනවිට රජයේ නිලධාරීන් තමන්ගේ යුතුකම් ඉටුකරන්න බියවී සිටින බවත් යුතුකම් ඉටුකරපු හමුදා නිලධාරීන් තාමත් ලැයිස්තුවල සිටින බවත් එම නිලධාරීන් යුතුකම් ඉටුකරපු නිසා අද අපි රටක් විදිහට හැමෝම සතුටින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

කටුනායක ගුවන් තොටුපොලේ ආරක්ෂික සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“සමහර නිළධාරීන් යුතුකම් ඉටුකරන්න ගිහින් තාමත් ප්‍රශ්නවල ඉන්නවා. අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන් රටේ මිනිස්සු වෙනුවෙන් පනත් ක්‍රියාත්මක කරන්න ගිහින් අද යම් අර්බුදයකට මුහුණදීලා ඉන්නවා. පාර්ලිමේන්තුවෙන් දෙන බලය ක්‍රියාත්මක කරන්න ගිහින්. මේ ස්ථානයේ රාජකාරි කරන නිළධාරීනුත් බොහෝ අරපරිස්සම් වෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම.

මොකද මින්ස්සුන්ගේ යෑම් ඒම් නිදහස කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන් කරලා තියෙනවා. කෙනෙක් කොහේහරි යනවා නම් එයාව නතර කරන්න, ඒ ගැන ප්‍රශ්න කරන්න තියෙන බලය මොකක්ද කියලා අහන අවස්ථා තියෙනවා. එතකොට යම් නිළධාරීන් පැකිලිමක් සිද්ධවුණා.

මම කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගුවන් තොටුපොල සමාගම, ඉමිග්‍රේෂන් එක ගොඩක් අය එකට සම්බන්ධ වෙලා ඇතුලට එන කෙනා ඇඳුම් මාරු කරන්නේ වොෂ් රූම් ඇතුලේ. ඇතුලෙදි තමයි පාස්පෝට් එකයි අනිත් ඒවයි අතට දෙන්නේ. මෙතනින් එන්නේ වෙන පාස්පෝට් එකක් අරන්, ඇතුලට දෙන්නේ වෙන පාස්පෝට් එකක්.

මේ සියල්ල එකතු වෙච්ච වැඩ. මේක තනියෙන් නතර කරන්න බෑ. මේක නතර නොකරන තාක් ඔයාලට හොඳයි. එක එක්කෙනාගේ සාක්කුවට 15000 ගානේ වැටෙනවා. ඒක අපි දන්නවා. හැබැයි අවසානෙදි ඒ රටවලට ගිහින් අපේ මිනිස්සු අතරමං වෙනවා. අපේ මිනිස්සු දුක් විදිනවා. ඒ ගෙවල්වලින් එලියට දානවා. හවු හරනට කවුරුත් නෑ.

ලියාපදිංචි වෙලා නෙවෙයි යන්නේ. නැවත ගෙන්න ගන්න අපිට පනතෙන් බලයක් නෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවුන කෙනෙක් ගෙන්න ගන්න කවුද වියදම් කරන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙනවා. දේශ සීමා පන්නන් යද්දි නොයෙක් කරදර වෙනවා. කවුද ඒ ජීවිතවලට වන්දි ගෙවන්නේ.

මේ කාන්තාවන් ගැන විතරක් නෙවෙයි. ගොඩක් අය මෙතන පහුකරන් යන්නේ. බෝට්ටුවලින් යන්නේ ටික දෙනයි. මේක හොයලා බලලා නතර නොකරොත් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අංක එක, දෙක මේ රටේ කීර්ති නාමය.

මේ සියළු මහන්සිවීම්වල ප්‍රතිපලයක් විදිහට අපේ රටේ මිනිස් වෙලදාම්වල අපේ රටේ ස්ථානය ආරක්ෂා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකට අපි කාර්ය සාධන බලකායට ස්තූතිවන්ත වෙනවා ඒ කර්තව්‍ය සිදුකිරීම වෙනුවෙන්.

විසිට් වීසා වලින් රට ගිහින් අසරණ වුන අයව ජනාධිපතිතුමාගේ විශේෂ අනුමැතියක් යටතේ ගුවන් යානා දෙක තුනකින් ගෙන්න ගන්න පහුගිය අවුරුද්දේ මම කටයුතු කලා. ලේසි දෙයක් නෙවෙයි. ආණ්ඩුවේ බදු මුදලින් ඒ දේවල් යන්නේ.

ලියාපදිංචි වෙලා යන ශ්‍රමිකයින් දුන්න මුදලින් ඒක ගෙවන්න වෙන්නේ. අපේ විමර්ශන අංශය රටේ හැමතැනම ගිහින් අත්අඩංගුවට ගැනීම් කරනවා. අපි උසාවියට ඉදිරිපත් කරනවා. නඩුවලට ගතවන කාලය දන්නවනේ ඉතින්. හොරු හොරුන්ගේ වැඩේ නැවතත් සුපුරුදු පරිදි කරගෙන යනවා.

අපි දිනපතා CID එකට ඉදිරිපත් කරන ඒවගේ ප්‍රතිඵල ඉදිරියෙදි ලැබෙයි කියලා මම විස්වාස කරනවා. තවම මට ඒවගේ ප්‍රතිපල ලැබෙන්නේ නෑ. අපිට පොලිස් නිළධාරින් නෑ. අපිට ඉන්නේ අපේ නිළධාරීන්. මාංචු කුට්ටමක් අරන් යන්න බලයක් නැතිවුනාට අපේ නිළධාරීන් ගිහින් අත්අඩංගුවට ගැනීම සිදුකරනවා.

ඒක බලය අතට අරන් කරන වැඩක්. අපි ඒකට හයිය දෙනවා මිනිස්සුන්ව රකින්න ඕනි නිසා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න අපි හැමෝම බැදිලා ඉන්නවා. ඒක ඇත්ත. නමුත් ඒ සියල්ලට වඩා ඉන්නේ මිනිස්සු. මිනිස්සු ආරක්ෂා කරන්න අපි ඉන්නේ. මිනිස්සුන්ගේ ආර්ථිකයයි කන්න බොන්න නැති එකයි අංක එක.

අපි නිශ්පාදන ආර්ථිකය හදන්න ඕනි රටක් විදිහට, සේවා ආර්ථිකය හදන්න ඕනි. සංචාරකයෝ එද්දි ගුවන් තොටුපොල කාර්යක්ෂමව සේවාවන් සපයනවා. ඉදිරි කාල සීමාවේ සංචාරකයෝ වැඩියෙන් එනවා. මේක තමයි රටේ දියුණුවේ ඉදිරි ගමන. ඒ දේ වෙනුවෙන් ගුවන් තොටුපොල දැනටමත් සූදානම් වෙනවා. රට හොද දිශානතියක් පේන්න තියෙනවා. රටේ මිනිස්සු ආයෙත් හුස්ම ගන්නවා.”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS