ශ්‍රී ලංකා මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්.!

කෝටි සීයකට වැඩි පාඩුවක් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි.

එවැනි කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති තත්ත්වයක් මත ඔවුන් සිය සේවක වැටුප් 70% කින් වැඩි කර ගත් බවත් එලෙස කටයුතු කිරීම හරිදැයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි.

මේ අතර මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරදිවී නැති බවත් රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS