අවුරුද්දෙන් පසුවත් නොනගත‍‍ය දිගටම.. ජනතාවට සියලු වැඩ අත්හැර නිවසේ සිටීමට සිදුවෙයි.!

සිංහල දමිළ නව අවුරුදු කාලය නිමා වීමෙන් අනතුරුව දීපව්‍යාප්ත වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තා වෙයි.

එම වැඩවර්ජන රැල්ල සැලසුම්කර තිබෙන්නේ අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, ග්‍රාම නිලධාරි ඇතුළු රාජ්‍ය අංශ රැසක වෘත්තීය සමිති විසින්. 

අධ්‍යාපන

දිගින් දිගටම සාකච්ඡා වූ ඉල්ලීම් රැසක් මුල්කර ගනිමින් ලංකා ගුරු සංගමය අවුරුදු කාලසීමයෙන් පසු වෘත්තීය සමඟ ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය.

එම ඉල්ලීම් අතර වැටුප් විෂමතාව විසඳීම, අධ්‍යාපනයේ බර මවුපියන්ගෙන් කර මතින් ඉවත් කිරීම, පාසල් උපකරණ මිල ගනන් අඩු කිරීම, නිසි ක්‍රමවේදයකට අනුව ගුරු විදුහල්පති උසස්වීම් ලබාදීම, රජය විසින් ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හකුළා ගැනීම ආදී කරුණු ප්‍රධාන බව සඳහන් වේ.

අවුරුදු කාලසීමාවෙන් අනතුරුව කෙටි කාලයක් තුළදී එම ඉල්ලීම් සඳහා සාධනීය ප්‍රතිචාර ලබා නොදන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති රියාමාර්ගවලට යොමු වන බව සඳහන්. 

එමෙන් ම ගුරුවරුන්ගේ වෘත්තීය සමාලෝචනය හා මොඩියුලර් සම්පූර්ණ කිරීම මෙමස 30 වනදාට පෙර අවසන් නොකළහොත් මැයි මාසයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් නිමාවට පත් වීමෙන් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේය.

සෞඛ්‍ය

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යවරයා චක්‍රලේඛයක් මඟින් ගැටලු විසඳන බවට අප්‍රේල් මුල් සතියේ පැවැත්වූ සාකච්ඡාවක දී පොරොන්දු වූ බවත් එම චක්‍රලේඛය නිකුත් නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමුවන බවයි.

ග්‍රාම නිලධාරි

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියා සියියේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම, සේවා ගැටලු වලට විසඳුම් ලබා නොදීම, ප්‍රමාණවත් දීමනා ලබානොදීම යන කරුණු සඳහා අලුත් අවුරුද්ද අවසන් වීමට පෙර රජය සාධනීය විසදුම් ලබා දිය යුතු බවය.

එසේ විසඳුම් ලබා නොදෙන්නේ නම් ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇති බව ජාතික සංවිධායකවරයා කියා සිටියේය.

තවද, රජය විසින් සැලසුම් කර ඇති සහල් බෙදාදීමේ වැඩසටහන දේශපාලනඥයන්ගේ මැදිහත් වීමකින් තොරව සිදු නොකළහොත් ග්‍රාම නිලධාරීන් එම ක්‍රියාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ද එතුමා අවධාරණය කළේය.

ප්‍රවාහන

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ ද සිය වෘත්තීය ක්‍රියාමාර්ග සැලසුම් සහ ඒ සඳහා හේතු ප්‍රකාශ කර සිටියේය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල වෘතිකයන්ගේ හිඟ දීමනා ලබාදෙන බවට ලංගම සභාපතිවරයා ලිඛිත සඳහනක් ලබා දී ඇති නමුත් මේ දක්වා එය සිදුවී නොමැති බවයි.

අලුත් අවුරුද්දෙන් පසුව එම දීමනා නොලැබෙන්නේනම් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන් ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි.

ඒ සම්බන්ධව ලංගම සභාපතිවරයාට ලිඛිතව දැනුම්දීම් සිදුකර ඇති බවද ලියනගේ මහතා අවධාරණය කළේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS