ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අද (07) පැවති තුන්වැනි විස්සයි විස්ස ක්රිකට් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කිරීමට සමත් විය.
අනතුරුව ලකුණු 229ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලකුණු 137කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් විය.
ඒ අනුව විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.