දිස්ත්‍රික්ක 13කට රතු එළියක්.. ජනතාවට විශේෂ නිවේදනයක්.!

අද (11) දින පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී දිස්ත්‍රික්ක 13ක් බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

අදාළ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දීමක් කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS