වාහන ලියාපදිංචිය, වාහන පැවරීම සහ රියැදුරු බලපත්‍ර සඳහා යොදාගන්නා ඡායාරූප අයිකාවෝ තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට (online) සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.
ඡායාරූප ශාලා 7,000කින් පමණ ඉහළ ප්‍රමිතියකින් යුතුව මෙම ඡායාරූප සේවා ලබා දීමට පහසුකම් පවතින බව සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් විසින් සදහන් කරයි.
මේ වන විට ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍ර සඳහා එම තාක්ෂණය යටතේ මාර්ගගත ක්‍රමයට ඡායාරූප ලබා දීම ඡායාරූප ශාලා මගින් දිවයිනේ සාර්ථකව සිදු කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.